Tuesday, September 22, 2009

නෙට්බුක් Hands-on

පහුගිය දවස්වල අතගාපු ‍(Hands-on) මිනි නෙට්බුක් තමයි මේ තියෙන්නේ. මේ පරිගණක පිලිබද මට ලැබුණු අත්දැකීම් තමයි පහත දැක්වෙන්නේ.

මේ නෙට්බුක් වල තියෙන පොදු ලක්ෂණ තමයි Atom Processorයක් සහිත වීම, 1GB රැම්, වයර්ලස්, බ්ලූටූත්, වෙබ්කැම්, 3 cell බැටරි, 10.xx LCD තිරයක් සහිත වීම,වින්‍‍ඩෝස් XP සහ CD/DVD ROM රහිත වීම.


Compaq Mini

- සාමාන්‍ය නෙට්බුක් එකක්. මැට් (නොදිලිසෙන) තිරය සිත්ගන්නාසුලුයි. Touchpad භාවිතය අසීරුයි. මිල රුපියල් 50,000ක් පමණ.

------------------------------------------------------------------------------------------------


HP Mini

- නෙට්බුක් පරිගණකයකට අවශ්‍ය හොදම Built Quality එක මම දැක්කේ මේ HP එකෙන්. යතුරු පුවරුව අනර්ඝයි. මෙටලික් නිමාවක් සහිතයි. වයර්ලස් සහ Power On/Off ස්ලයිඩර් අසාර්ථකයි. මිල රුපියල් 56,000ක් පමණ.


------------------------------------------------------------------------------------------------


Dell Mini

- පිටත පෙනුම අලංකාරයි. ඒත් අනෙක් නෙට්බුක් දෙකටම වඩා ‍වේගය අඩු බවක් දැනුනා. සයිලන්ට් යතුරු පුවරුව සුපිරියි. පිටත කවරය විවිධ වර්ණ වලින් ලබාගත හැකියි. මිල රුපියල් 50,000ක් පමණ.

------------------------------------------------------------------------------------------------

මා අත්දැකපු විදියට නම් මේ මිනි පරිගණක වඩාත් සුදුසු අන්තර්ජාල සැරිසරන්නත්, වර්ඩ් ප්‍රොසෙසින් වැනි Office පැකේජ වල වැඩ කරන්නත් විතරයි ( Office 2007 වලදි යම් පසු බෑමක් සහිතව) ඒ වගේමයි නිතර ගමනේ යෙදන අයට වඩාත් උචිතයි. මෙහි එන රැම් මතකය බොහෝවිට මව්පුවරුවට ස්ථිරවම සම්බන්ධ කර තිබෙන නිසාත් වැඩිපුර රැම් යෙදිය නොහැකි නිසාත් කිසියම් අවදානමක්ද සහිතයි.

(නමුත් Acer Aspire one මිනි පරිගණකය රැම් මතකය වැඩි කිරීමට එක් ස්ලොට් එකකුත් වයර්ලස් අන්තර්ජාල පහසුකම් සදහා සිම් පතක් එක්කිරීමටත් හැකියි)

** මෙහි දක්වා ඇති අදහස් මා ලද අත්දැකීම් මත ලියවුනු එකක් වන අතර භාවිතයේදී ඔබ ලබන අත්දැකීම වෙනස්විය හැකියි.

ඡායාරූප Nokia N70 - ස්තූතිය රුවන් මිතුරාට

~

12 comments:

  1. මාත් ළඟදී ඕකක් ගත්තා.
    ම‍ට නං හරි ලේසියි.ලැපක් ගත්තනං උස්සං ගිහිං පණ යනවා

    ReplyDelete
  2. 1.8 ෙනවි,1.6GHz

    ReplyDelete
  3. HP compaq eka thamay ela.
    mara portable gathiyak thiyenne.anith eka apita ona karana hama option ekama wage thiyenawa nee.mewa low end kiwwata kisi awlak nathuwa photoshop wala editing ekak unath kara ganna puluwan.

    habay screen eka podi eka thamay ekama awla

    ReplyDelete
  4. Oke processor ekath built-in(atom)matanam satayak watinne neha notebook eka taram

    ReplyDelete
  5. atom hoda ne kiwwata 2005 wage gattha highend pc ekakata wada powerfull neda?

    ReplyDelete
  6. හොදයි ඒත් යම් යම් කාර්යයන් වලදී අපි භාවිතා කරන මෘදුකාංග වලදී (වර්ඩ් වලදී පවා) යම් පසුබෑමක් තියෙනවා මගේ අත්දැකීම අනුව නම්...

    ReplyDelete
  7. මගේ ගාව පරණ එකක් තියෙනවා celeron 733Mhz 256MB RAM 20GB HDD 12inch LCD WiFI(PCMCIA) USB2 WinXP ..etc ගත්තේ 13කට හී හී,ලාබයි නේ :) 50 කට ඕකක් ගන්න එකේ ලැපක්ම ගන්නවා තව ටිකක් දාලා

    ReplyDelete
  8. ezy කියන වෙළඳ නාමයෙන් එන ලැප්ටොප්ස් බැලුවෙ නැද්ද? Genius ද කොහෙද තමා බෙදා හරින්නෙ. මේ දවස් වල BMICH එකේ එයාලගෙ stall එකක් තියෙනව. ඒවත් හොඳයි වගේ. ඒවත් Netbook මාදිලියෙ තමා.

    ReplyDelete
  9. i used an mini hp for few days.,it wz from bangkok about 35,000rs or less.

    ReplyDelete
  10. @H. Madhawa Ranga

    මමත් ඔය කියන එක බැලුවා.ඒක නං මට අප්සට් මොකද ඒක
    අනික් නෝට් බුක් වලටත් වැඩිය කුඩයි.
    අනික මං දන්න තරමින් නම් මේක චීන භාණ්ඩයක්

    ReplyDelete
  11. චීනෙන් කිව්වම පොඩි පසු බෑමක් එනව තමයි. හැබැයි දැන් ඔක්කොම වගේ Super brands හදන්නේ චීනෙ තමයි.

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...