Wednesday, September 16, 2009

කුඩ්ඩා...


විභාගෙට ටික දවසයි...

මම හවස පංති යන ගමන්...

නාදුනන රුවක් මං ඉදිරියේ පංතිය පෙනෙන මානයේ හිටගෙන...

තරුණයෙක්... හැඩිදැඩියි...

මල්ලී, මෙහෙට එනවා
තමුසේ කොහෙද යන්නේ ක්ලාස්ද?
ඔව් ඇයි අයියා..?
ඇයි.... මේ තමුසෙලග තියෙන සල්ලිවලින් රුපියල් 10ක් දෙනවා
මම ලග තියෙන්නෙම 10 නෙ...
බොරු කියන්න එපා..
ගන්නව තමුසෙගේ පර්ස් එක ... කෝ බලන්න
මේ තියෙන්නේ 100ක්ම ...
ඔය ක්ලාස් එකේ සල්ලි
ක්ලාස් එකට පස්සේ දෙනවා
එහෙම කරන්න එපා අයියා ගෙදරින් ආයෙ ඉල්ලන්න බෑ නේ..
හරි හරි තමුසෙ යනවකෝ සල්ලි පස්සේ දෙනවා ක්ලාස් එකට
මගේ සල්ලි දෙන්න
තමුසෙට ආයෙත් මෙතන පහුකරලා යන්න ඕනේ නම් හොද හිතින් දැන් යනවා...
මගේ ඇස් බොද වෙයි..

මේ රකුසා මගේ සල්ලි දෙන්නේ නැති පාටයි. මම එතැනින් යන්න ගියෙමි


අවුරුදු 4 කට පසු...

බොරුල්ලේ බෝ ගහ ඉදිරිපිටදී...

මම වැඩ නිමවී ගෙදර එන ගමන්...

ඒ රකුසාම....

ආහ් මගේ සුදු රත්තරන් මල්ලී දෙවියෝ දැක්කා වගේ
මම ‍මේ ලගකට ආවා.
බලන්නකෝ මගේ පර්ස් එක දාලා ඇවිත්නේ ...
ගෙදර යන්න බස් එක ගන්න බැරුවයි ඉන්නේ ...

දෙකට නැමී මගේ දෙපා අල්ලයි.

වටේ පිටේ මිනිස්සු හැරී බලයි.

මම ඔහු දෙස බලා සිටියෙමි...

කලින් තිබූ තරුණ කම දැන් වැහැරී ගොසින් මහල්ලෙකුගේ පෙනුමක් ඇවිත්...

මම පොලිසිය දෙස බැලීමි...

ම ඉදිරිපිට වු මිනිසා වෙවුලයි

ඒ බඩගින්නට, රෝගයකට, නොව

මත්කුඩු හිග කමින්බව හොදින්ම දනිමි

සතයක් වත් නොදී වදනක් වත් නොකියා...
මම ඊලග බසයට නැගුනෙමි

6 comments:

  1. දෙන්න නරකයි ඔය වගේ උන්ට කීයක් වත් . . . .

    ReplyDelete
  2. පන්ති වලට එන ළමයින්ගෙන් ඔය ආකාරයට මුදල් පැහැර ගැනීම ටියුෂන් පන්ති විශාල වශයෙන් තියන හැම නගරයක් ආශ්‍රිතව ම වගේ සිද්ධ වෙනවා.ගොඩක් වෙලාවට ඔය වැඩේ කරන්නේ නගරයට ආසන්න ප්‍රදේශවල කට්ටිය.දුර බැහැරින් පන්ති එන ළමයි තමයි හුඟ වෙලාවට මේක‍ට ගොදුරු වෙන්නේ.දැන් නම් මේකට තිත තියන්න කා‍ලෙ හරි.

    ReplyDelete
  3. නොදකු ඔයවගේ උන්....
    ඇගේ හයිය තියනකම් හොරකම් කරල වංචාකරල කුඩුගහල....
    ඇගේ හයිය නෑතිඋනාම හිගාකනව මුන් රටටත් බරක් ගොන්......

    ReplyDelete
  4. මිට කාලයකට උඩදි නුගේගොඩ රොටරි එක ලග ඔයවගේ සල්ලි බලෙන්ම ඉල්ලන කණ්ඩායකම් පොලිසියෙන් අත් අඩන්ගුවට ගත්ත මතකයි. ඒ සිද්ධියෙන් පස්සේ සැහෙන කාලයක් යනකන් ඔය වගේ අය දකින්න හිටියෙ නැ.

    ReplyDelete
  5. හොදා කනෙ පාරක් දීලා අතීතයත් මතක් කලා නම් තමා වඩා හොද

    ReplyDelete
  6. මට මතකයි නුවර වැව රවුමෙ මෙහෙම උන් හිටිය, අපි පන්ති යන කාලෙ///

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...