Wednesday, September 2, 2009

ඔපෙරා 10

මගේ ප්‍රියතම වෙබ් බ්‍රව්සරය වෙන ඔපෙරා වල අලුත්ම සංස්කරණය ඔන්න අද නිකුත් වෙලා. මේ වෙබ් බ්‍රව්සරයේ ජනප්‍රියත්වය අඩු වුනත් (ඒකට හේතුව මේක නිදහස් මෘදුකාංගයක් වුණාට ගිනි හිවලා වගේ භාවිතාකරන්නන්ගේ යෝජනා චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම ඉතා පහල වීමයි) වේගය අතින්නම් විශිෂ්ඨයි.
මෙතුවක් කල් තිබුණු 9.xx වෙලුම අයින් කරලා මමත් දාගත්තා ඔපෙරා 10.


මෙගා බයිට් 8.5 තරම් වන ස්තාපනය මෙතනින් බාගන්න.

අලුත් වෙලුමේ පැහැදිලි දෘශ්‍ය වෙනස් කම් සහිත වන අතර වේගයෙන් අඩු ඉන්ටර්නෙට් සබදතා සදහා Turbo mode එකක්ද සහිතයි.
ඊටත් අමතරව Quick Dial මුහුණත වෙබ් පිටු 25ක් දක්වා යෙදිය හැකියි. මීට අමතරව Dictionary පහසුකම, විජට්ටු පහසුකම සහ ඉන්ටර්නෙට් වේගයෙන් සැරිසැරීමට අවශ්‍ය බොහෝ උපාංග (Mouse Gestures) වලින් සමන්විතයි.

හැමදාමත් අපි භාවිතාකරන බ්‍රව්සර් වලට අපි හුරුවෙලා ඒවා හොදයි හොදයි කිය කිය ඉන්නේ නැතිව මේවගේ වෙනසක් උත්සාහ කරලා බලන එක හොදයි කියලයි මට හිතෙන්නෙ...


13 comments:

  1. මට නං ක්‍රෝම් තමා

    ReplyDelete
  2. ඔන්න යාලුවා මම මාරු උනා ඔපෙරා වලට

    ReplyDelete
  3. මමත් අවුරුදු 2 ක ඉදන් ඔපෙරා... CDMA වලට එහෙම නියමෙට වැඩ කරනවා. මැක්සා බ්‍රවුසරයක්. ඔපෙරා වලට ජය වේවා.........

    ReplyDelete
  4. කවදාවත් ක්‍රෑෂ් ෙවලා නෑ

    ReplyDelete
  5. මචන් ෙෙ ෙෙෙෙෙෙෙෙ <--meka thama thiyana podi aula samahara sinhala akuru weda ne

    ReplyDelete
  6. speed nam patta sira

    ReplyDelete
  7. සිංහල යුනිකෝඩ් අවුල් නිසා මට නං එපා වුණා එක මොහොතෙන්. අළුත් එක දාල බලන්න ඕනෙ.

    ReplyDelete
  8. මටනම් හිවල තරම් හොද එකක් තවත්නෑ

    ReplyDelete
  9. අපි නරියට. නරිය අපට.

    නරියට හුගක් add-ons තියනවා. ඉතිං ඒකයි නරියා වඩා ප්‍රසිද්ද.නෑතුව Opera නරක නිසා නොවෙයි.

    ReplyDelete
  10. මම ළඟදි නරිය ගෙන් ක්‍රෝම් ට මාරු වුනා නරිය වදදෙන්න ගත්ත. බලමු ඔපෙරා කොහොමද කියලා...!

    ReplyDelete
  11. කිව්වත් වගේම වාත කේස් එකක්. සිංහල යුනිකෝඩ් හරියට render වෙන්නෙ නෑ.

    ReplyDelete
  12. මුලදි මමත් හරි ආසාවෙන් පාවිච්චි කරා, පස්සෙ මට තේරුණා ෆයර් ෆොක්ස් එක තරම් වේගවත් නෑ කියල ඉතින් මම අඩුවෙන් තමයි ඔපෙරා පාවිච්චි කරන්නේ ඒ වෙබ් එකේ ටෙලි නාට්‍ය බලන්න හොඳම බ්‍රව්සරේ ඔපෙරා මොකද ලින්ක එක කිලික් කරපු ගමන් ප්ලේ වෙනව අන්ත් එවා වගේ වෙනම ඩවුන්ලෝඩ් වෙන්නෑ ස්‍ට්‍රිම් වෙවී ප්ලේ වෙනව. ඔපෙරා 10 බලමු ‍ෆයර්ෆොක්ස් එක්ක ටෙස්ට් කරල කවුද වේගවත් කියල. රිසාල්ට් කමෙනට් පසුව‍ට හොඳේග

    ReplyDelete
  13. ෙෙික හැම අතින්ම අනිකවට වඩා ෙොඩාක් ෙොදයි.ඒත් සිංහල හරියට ලියන්න බැෙේ........

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...