Saturday, August 22, 2009

ලංකාවේ සොදුරු මතක II

මේ සැරේ ලියන්න හිතුවේ ලංකාවේ ඉදිද්දී මම ගියපු දිග ගමන්වලින් තවත් එකක් කියන්න. ඔයාලට මතක ඇතිනේ මගේ රස්සාව, දවසෙන් වැඩිහරියක් Outstation තමයි. සමහරු හිතනවා ෂා හරි ෂෝක් නේ .. අපිට නෑනේ ඔහොම චාන්ස් කියලා..

වැඩේ කරන එකාටනේ ඒකේ දුක දැනෙන්නේ. මේ ෆිල්ඩ් එකේ ඉන්න අය දන්නවා Tech Support කියන්නේ මොන වගේද කියලා.

හරි ඒවා මේවා අමතක කරලා මම මේ කියන්න හදන්නේ මාත් තවත් දෙන්නෙකුත් ගිය Tech Support Trip එකක් ගැන. මතක විදියට එදා බදාදා. අගහරුවාදා හවසම අපිට අපේ ආයතනයේ මීගමු ශාඛාවෙන් ලෙඩක් වැටිලා තිබ්බේ. අගහරුවාදා උදේ වෙනකොට කුරුණෑගලත් ශාඛාවත් අවුල්. මොනා කරන්නද හිත හදාගෙන මගේ Utility Pack එකත් ලෝඩ් කරන් ගොඩවුනා වාහනේට. වෙලාව උදේ 09 ට විතර..

මගේ යාලුවො දෙන්නත් මේ ගමන් වලට කියාපු අය..ඕනම වෙලාවක ඕනම වැඩකට ලෑස්තියි.. අපේ ආයතනයේ ශාඛාවන් මුලු දවසෙම පාරිභෝගිකයින්ට සේවා සපයන නිසා අපිට තියන කාලය බොහොම අඩුයි.

ඉතින් අපි මීගමුව හරහා කුරුණෑගලට ආවා. එතන වැඩ ඉවර වෙනකොට දවල් 1ත් පහුවෙලා. හරි එකත් ඉවරයි කියල හිතනකොටම මේන් එනවා ඇමතුමක් අනුරාධපුර ශාඛාවෙන්.. (අපිට අන්ලිමිටඩ් මොබයිල් පහසුකම් සපයල තිබුණු නිසා සොරිම තමයි ආන්ස්වර් කරන්නම වෙනවා) ඒකෙත් ලෙඩ ගොඩක්. ආයෙ කොලඹ ගිහින් එන්න වෙලාවකුත් නෑ.. එහෙමම ඇදපි අනුරාධපුරේ.. (මේ වගක් ගෙදර මනුස්සයා දන්නේ නෑ.. ගිහින් ඉවරවෙලා තමයි කියන්නේ ඒක තමයි කලාව..)


ඔයාලා දන්නවා ඇති අනුරාධපුරේ යන්න කුරුණෑගල ඉදන් පාරවල් දෙකක් තියෙනවා. එකක් දඹුල්ල පාර. අනෙක තඹුත්තේගම පාර.. අපි ගියේ තඹුත්තේගම පාරෙන්. මොකද කැලෑපාරකින් යද්දී අමුතුම කික් එකක් එනවනේ.. මගදි පොඩි හදිසි උවමනාවක් හැදිලා එලි පහලියට බැස්සා. සොරොව්වක් ලග. වැඩේ කරගත්තයින් පස්සේ තමා මේක දැක්කේ..





බැරිවෙලාවත් ඇවිස්සුනානම් පොඩි හදිස්සිය ලොකු එකක් වෙනවා...


මගදී මගේ යාලුවො දෙන්නට වෙල්මාලු කන පිස්සුවක් හැදුනා. කොහොම හරි තඩි බෑග් එකක් පිරෙන්න මාලු ගත්තා. දැන් මේවා හදන්නේ කොහොමද... ගත්තයින් පස්සේ තමා ඒක මතක් වුනේ. කොහොම හරි මේ මාලු නරක් වෙන්න කලින් කන්නත් ඕනා.. කොහොම හරි හවස් ජාමේ වැව් පිටියකට අපි සෙට් වුනා. අහල පහලින් පොඩි ගෑස් ලිපකුයි තාච්චියයි ඉල්ල ගත්තා. දැන් අපේ සූදානම මාලු බදින්න.

සැර බීමක් අපේ යාලුවෙක්ගේ සාක්කුවෙන් එලියට ආවා. මාලු බැද බැද කෑවා. දෙමව්පියොනම් කියල තියෙන්නේ පුලුටු කන්න එපා ඔය වෙලාවට ඔය වගේ තැන්වල කියලා. ඒක මතක් වුනේ කාලා ඉවරවුනයින් පස්සේ.

මේ පිංතූරේ තියෙන්නේ ඒ වැව් පිටියයි වැවයි. ලස්සන වුනාට පසුබිමේ ඉන්නේ මගේ යාලුවො දෙන්නා මාලු හෝද හෝද තනි නොතනියට බල්ලෙකුත් ඉන්නවා.


අපි මෙහෙමයි මාලු බැද්දේ



කොහොම හරි ඒකත් ඉවරකරලා අනුරාධපුර ශාඛාවට ගියා. එතකොට රෑ වෙලා... හැමෝම අපි දිහා බලනවා. මලකෙලියයි අපේ කටවල් වටේ පුංචි පිහාටු.. ඔලුවෙත්..

බලද්දී අපි මාලු බැදලා කාලා තියෙන්නේ වැව් පිටියේ තිබුණු එකම එලිය වෙච්ච අපේ ලිපේ ගින්දරට ඇදිල එන දහස් ගාණක් පුංචි පුංචි කුරුමිණියොත් එක්ක....‌‍


~
සියලුම ඡායාරූප ගත්තේ මගේ පලමු Smart Phone එක වුණු Nokia 3230 එකෙන්
~

Thursday, August 20, 2009

Rainmeterරේ

හුගකාලෙකට කලින් මටත් තිබුණා ඩෙස්ක්ටොප් ගැජට් දාගෙන කාටවත් නැති ලස්සන ඩෙස්ක්ටොප් එකක් මගේ පරිගණකෙට දා ගන්න. ඒ දවස් වල කොයිතරම් මෘදුකාංග දාගත්තද.. එත් මේවයින් මගේ පරිගණකය මන්දගාමී වෙද්දී තමා මට තේරුම්ගියේ කරපු මෝඩ වැඩේ රගේ. අන්තිමට ඔක්කොම අත ඇරලා දාලා (Auto Patcher, Winblinds, Konfabulator - දැන් Yahoo Gadgets.. මෙකී නොකී සියල්ල අයින්කරලා කලුපාට ඩෙස්ක්ටොප් එකක් දාගත්තා. ස්ටාර්ට්අප් සුද්ධ කලා.

අපි කොහොම කිව්වත් හිත යටින් කැමති ලස්සන කරගන්න. තමන්ගේ පරිගණකය හොදම එක කරගන්න.

වින්ඩෝස් විස්ටා ආවයින් පස්සේ බොහෝම දෙනෙක්ට තිබ්බ මේ අමාරුව නිකන්ම හොදවුනා. මොකද විස්ටා වල බොහොම ලස්සන ගැජට්බාර් එකක් ආපු නිසා. ඒකෙනුත් සෑහෙන්න බැරි අය PC එක මැක් වගේ පෙන්නන්න Rocket Dock දාගත්තා. ( මෙකී නොකී දාහක් දේවල් තියෙනවා ස්ථාපනය කරන්න නම්)

මගේ පරිගණකයේ තියෙන්නෙත් විස්ටා. ඒත් මම Startup එක මට ඕන විදියට වෙනස්කරපු නිසාත්, 3GB RAM නිසාත්, සහ NOD32 වලට පින් සිද්ද වෙන්න විනාඩි 1න් පරිගණකය Start වෙලා ඉවරයි.

මේ ලගදී අන්තර්ජාලයේ සැරිසරද්දී හොයාගත්ත දෙයක් තමයි මේ Rainmeter.

Google Code Project එකක් විදියට සකස්කෙරුනු මේ මෘදුකාංගය මගින් පරිගණකයේ Desktop ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම User වෙතට භාරකරන බවයි.

මේ තිර පිටපත් දැක්කම මටත් ආසා හිතුනා මේක ස්ථාපනය කරගන්න.

























මේක ස්ථාපනය කල පසු Enigma යන Skin එක පෙන්වනවා. Skin කීපයක්ම ඔවුන් ලබාදෙනවා Rainmeter 1.0 වෙලුම සමග.
තවත් අලුත් දෙයක් තමයි Notepad ini ගොනුවන් තුල තමා සෑම ගැජට් එකකම (Skin) සෙටින්ග්ස් තියෙන්නේ. ඒවා වෙනස් කරන්න Coding වගේ බොහොම සිම්පල් විධාන වලින් කරන්න පුලුවන්. හැම ගොනුවක්ම දිග ඇරෙන්නේ Notepad එකේ. (සමහර අයට මේකනම් හරියන එකක් නෑ) තව ඉස්සරහට වැඩිදියණුකල ග්‍රැෆිකල් මුහුණතක් මේ අයිතම වෙනස් කරන්න ඔවුන් සකසාවි.

මේකට අවශ්‍ය අමතර Skins www.customize.org වලින් ලබාගත හැකියි.
මේ තියෙන්නේ මගේ පරිගණකයේ තිර පිටපතක්. මේ මෘදුකාංගය පරිගණකයේ සම්පත් අවම වශයෙන් යොදාගන්නා බවත් සිත්ගන්නා සුලුයි.

මේ මෘදුකාංගය අකුරු (Fonts) භාවිතයෙන් බොහොම සරල එහෙත් අලංකාර ඩෙස්ක්ටොප් එකක් ලබා දෙනවා. මේ ආකාරයේ මා භාවිතාකල පලමු මෘදුකාංගය මෙයයි.


මේකේ සිංහල යුනිකෝඩ් නම් තවම ටෙස්ට් කලේ නෑ. මේ තියෙන්නේ මගේ පරිගණකයේ තිරපිටපත්








මෙතනින් බාගන්න

(හැබැයි මේකත් Windows Startup එකට එකතු වෙනවා.)
~

Friday, August 14, 2009

B13 සහ Parkour කලාව.

මම ඔන්න ආසාවෙන් බලන් හිටපු B13 ෆිල්ම් එකේ දෙවැනි කොටස B13 Ultimatum හොද කොපියක් ඊයෙ බැලුවා. (හොද කිව්වට Dvdscr වගේ).


B13 ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ අන්තර්ගත කථාව බොහෝම සාමාන්‍යන එකක්. වීරයා, දුෂ්ඨයා සහ කෙල්ලක් ඉන්නවා. සිද්ධි මාලාවකට පස්සේ කෙල්ලව වීරයා බේර ගන්නවා. ගලාගෙන යන කතාවක් හැබැයි B13 Ultimatum එකේ කතාව කිසිම තේරුමක් නෑ කියල මට හිතෙන්නේ. මෙච්චර අඩුපාඩු තියෙද්දිත් මේ ෆිල්ම් එක බලන්න හේතු වුනු කාරණාව තමයි මේ ෆිල්ම් දෙකේම ඉන්න ප්‍රධාන නලුවො (David Belle, Cyril Raffaelli) ගේ අසාමාන්‍ය, අති දක්ෂ Stunts. (හැබැයි B13 Ultimatum වල නම් ඒ තරම් හොද Stunts නෑ).


මේ Stunts එක්තරා විදියක කලාවක්. මේකට කියන්නේ Parkour (කෙටියෙන් පී.කේ.) කියලා.මෙහිදිසිදුවෙන්නේ තමා ඉදිරියේ ඇති ඕනෑම බාධකයක් තරණය කරගෙන ඉදිරියට ගමන් කිරීමයි. ඒ ඉදිරියට ගමන් කිරීම ඉතා වේගයෙන් ගලාගෙන යාමක් විදියටයි සිදුකරන්නේ. මේක ජිම්නාස්ටික් Outdoor වලට ගෙනයාමක් වගෙයි.



තවත් විශේෂත්වයක් තමයි මෙම ක්‍රීඩාවේ යෙදෙන අය ආරක්ෂිත පාවහන් සහ පලදනා බොහෝවිට භාවිතා නොකිරීම. ඒවගේමයි ඉතා ඉක්මනින් තමන් ඉදිරියේ ඇති බාධකය හදුනාගෙන ඒ ගැන තීරණයකට පැමිණීම. ඒවගේමයි තමන්ට හොද නම්‍යශීලී ශරීරයක් තිබීම.මේ කලාව ලොවට හදුන්වාදීමේ පුරෝගාමින් වෙලා තියෙන්නේ David Belle ඇතුලු Belle පරම්පරාව. මේ කලාව දැන් වෙනම උපසංස්කෘතියක් තරමට යුරෝපයේ සහ අනෙකුත් බටහිර රටවල පැතිරිලා.



මටත් ඉතින් මේ වගේ දෙයක් දැක්කම ඇග කසන්න ගන්නවා. ආසාවේ බෑ. (කොහොමත් මම ගොඩක් කැමති පොලොවෙ පය ගහල කරන්න පුලුවන් සෙල්ලම් වලට) ලංකාවේදිනම් හොදට Exercise කරලා හිටපු නිසා දෙතුන් පාරක් ට්‍රයි කලා. හිතන තරම් ලේසි නෑ. තව පොඩ්ඩෙන් නහය කට ebay එකෙන් ගේන්න වෙනවා. හැබැයි හිත ඇත්නම් ඕනම කෙනෙකුට මේ කලාව ඉගෙනගන්න පුලුවන්. ට්‍රයි කරල බලන්න.




























මේවත් බලන්න.

Friday, August 7, 2009

AIMP


මම භාවිතාකරන නිදහස් මෘදුකාංග අතරින් Audio සදහා මම භාවිතා කරන්නේ AIMP Player එකයි.


මේ මෘදුකාංගය නිපදවලා තියෙන්නේ රුසියානු මෘදුකාංග නිපදවන්නන් පිරිසක්. මොවුනගේ අදහස ගුණාත්මකභාවය ඉහල බිට් 32 Audio සකසනයක් ඉදිරිපත් කිරීමයි. හැබැයි මට දැනෙන විදියට මේ මෘදුකාංගයේ ගුණාත්මකභාවය කාලයක් නම් දරා සිටි Nullsoft Winamp පවා පරාදකරවන බවයි.


මෙහි ඇති User Interface එක භාවිතයට වඩාත් පහසුයි. Playlist support උපරිමයි. Auto Shutdown පහසුකමත් තියෙනව. මෘදුකාංගය Open වෙන්න යන වෙලාව Winamp එක්ක බලද්දී 1/3 වගේ.


ඒ වගේම Tag Editor, Audio Converter එකක් Audio CD Grabber එකක් සහිතයි.

හොදම දේ යුනිකෝඩ් සපෝට් කරනවා. හැබැයි මේකට අවශ්‍ය සිංහල Language (lng) ෆයිල් එකනම් හොයාගන්න බැරි වුනා.

මෙතනින් බාගන්න

~