Monday, October 26, 2009

කාලෙකට පස්සේ...

පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ කන්දරාවටත් වඩා හිතට නිදහසක් නොතිබුනු නිසා මොනවත් ලියන්න හිත් දුන්නේ නෑ... හැබැයි සිංහල ‍බ්ලොග් කියවනය නම් මග හැරියෙ නෑ. දවස් ගතවෙන්නේ හරියට සුලග හමනව වගේ...

මං මේ රටට ඇවිත් අවුරුද්දයි මාස තුනකට පස්සේ මගේ නවාතැන වෙනස් වුනා. ගිය සතියේ. දැන් ඉන්නේ දෝහා වලින් කිලෝමීටර් 60ක් විතර දුරින්. Al Khor, Al Hwar නම් වලින් හදුන්වන මුහුදුබඩ නගරයක. මේ නගරයෙන් භාගයක් පමණ තවමත් ඉදිවෙමින් පවතින්නේ. නගර මධ්‍යය නම් බොහෝම අලංකාරයි. මම මීට පෙර වතාවන් දෙක තුනකදී මේ නගරය පහුකරල ගිහින් තියෙනව.




රතුකරල තියෙන්නේ වැඩකරන තැන

මෙහෙ වැඩකරන තැන කැඩෙට් පාසලක්. අලුත් අත්දැකීමක්. ලොකුම වෙනසකට තියෙන්නේ මගේ නවාතැනේ ඉන්න එකම ලාංකිකයා මං වීමයි. ඉතින් කලින් වගේ උයාගෙන කෑම්, සතුටු සාමීචි නැහැ. සියල්ලන්ම තම තමන්ගේ කාමර වල.

තවම මට මේ නගරයේ හරියට ඇවිදින්න බැරි වුනා.
ලගදීම වැඩිවිස්තර එක්ක පිංතූර දාන්නම්.

මේ දවස්වල හවසට කාන්තාරෙට හිනී වැහි සුලගක් එනව... (වීශේෂයෙන් මුහුදුබඩ නිසා වෙන්න ඇති) ඒ වෙලාවට හිතේ අමුතුම පාලුවක් තියෙනව.

තනිනොතනියට ස්කයිප් තියෙන නිසාත්, මගේ බ්ලොග් මිතුරන් ඉන්න නිසාත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තියෙන නිසාත්, හිතට දුකක් නැහැ.

ආයෙත් හමුවෙමු.

~~~

Monday, October 12, 2009

බොන්න එපා.. විඳින්න..

අපේ “ම” ගේ “මගේ මරණය” බ්ලොග් එකේ ලගදී දැකපු පෝස්ට් එකක් නිසා තමා මේක ලියන්න හිතුනේ.

මම ලංකාවේදී දෙවනි වතාවට කරපු රස්සාවෙදි තමා මුලින්ම අරක්කු ටිකක් කටේ තියන්න පටන්ගත්තේ. ඊට කලින් අවස්ථා ගණනාවක් ආවත් මම ඒ හැම එකක් ම මග ඇරියා. මටනම් හිතෙන්නේ ඒ ඕනම දෙයක් කුලුදුලේ පටන් ගනිද්දී තියෙන සහජ බය නිසා වෙන්න ඇති.

හැබැයි ඇත්තටම මං මත්පැන් ටිකක් මුලින්ම බිව්වේ මගේ පාසල් නිවාඩු කාලේ ගමේ ඉදිත්දියි... ඒ අපේ ලොකු මාමා කුඹුරේ ඉදන් ඇවිත් රා වීදුරුවක් සප්පායම් වෙද්දී.. මටත් ඕනා වුනා ඒකේ රස බලන්න. මොන රසක්ද මගේ මූණ ඇඹුල් වුනා විතරයි.

පස්සේ රැකියාවට යද්දී සෙට් වුනු මගේ ගජ මිතුරන් එක්ක දියවන්නාව ලගට ගිහින් බියර් සල්ලි දීලා අරන් වෙන කඩේකින් අරන් එන කෝලා බෝතලේට 70%ක් අරක්කු මිශ්‍ර කරලා බියර් සැන්ඩි කරලා බොන හැටි...(එතන බොන්න දෙන්නේ බියර් විතරයි) හික් .. හරියට උගුඩුවො වගේ.

මුලදී මේ සෙට් වෙන එක හරිම ජොලි වැඩක් වුනා. බොහොමයක් වෙලාවට අපි සෙට් වුනේ මාස්පතා. හැබැයි එදාට කොල්ලෝ ටික කණ සාක්කුවේ දාන් තමා ගෙදර යන්නේ. මේ සෙට් විල්ලට කලින් තියෙන වාතාවරණය හරිම උනන්දු සහගතයි. හවස් වෙද්දී හැම වැඩක්ම ඉවර කරලා.. ගෙදරටත් චූටි බොරුවක් කියලා වැඩේ පටන් ගන්නවා ගග අද්දර...


කාලය ගලන් යද්දී පසුම්බි වල සල්ලි ඉවර වෙනකල් නැති සල්ලිත් එලියට අදිමින්.. එකිනෙකාට තමන්ගේ හැකියාව පෙන්වමින්.. බීමත් කම පෙන්නමින්.. වැනි වැනි වැහි දවසක නම් තෙමි තෙමි ගෙදර යනවා..

මේ වෙලාවෙදි හැමෝම පෙන්නන්නේ තමන්‍ට කෙලින් ඉන්න බැරි බවක්. පුදුම වැඩක් කියන්නේ මෙහෙම බීමත් වුනු වෙලාවල කියන කරන දේ ඒ වෙලාවට විතරක්ම සීමා විමයි. පස්සේ වෙලාවක ඒ ගැන කතා කලොත් කියන්නේ කන බොන වෙලාවල කියන කරන දේවල් ගණන් ගන්න එපා කියලයි.

මේ හැම දේකටම වඩා අවුල මට මේ බීමන් පස්සේ ලොකු වෙනසක් නොදැනීමයි. ( ඇත්තම කිව්වොත් මත් ගතිය මාව තව තවත් ගොලු බවට පත්කරනවා) හැබැයි මේ බව මම අනෙක් අයට නොපෙන්ව ඉන්න බලන්නේ මම හොරට බීල කියල කියන නිසයි.

පස්සේ මට තේරුණා මේ අපි කරන්නේ කොයිතරම් බොරු වැඩක්ද කියන එක. වීශේෂයෙන්ම නොදරුවාගේ කොමෙන්ට් එකේ වගේ මමත් උත්සාහ කරා යාලුවන්ව ඒ ගැන උනන්දුවක් ඇති කරන්න. ඒත් එතන තිබුනේ ඊර්ෂියාව, බලපුලුවන්කම, කුහක කම වගේ නරකාදී අදහස් මිසක් බීමේ වින්දනයක් නොවෙයි.

තමා තමාගේ පමණ දන්නව නම් කිසිම අපහසුවක් නෑ කාටවත්. විශේෂයෙන් බීමක් රස විදින්නනම් වැඩිම උනොත් දෙන්නෙක් හොදටම ඇති. ‍බෝතල් ගාන ගණන් කරන්න බීම ලොකුම බොරු වැඩක්. සැර බීම තිත්තයි. එත් ඒ තුල යම් සැගවුණු රසයක් තියෙනවා. පුද්ගලයන්ගේ අදහස් සංකල්පනා තුලින් යම් කාලයක් තමන්ට වින්දනයක් ලැබිය හැකියි. ඒත් ඒ වින්දනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

කොහොම නමුත් සමස්තයක් ස්ත්‍රී පාර්ශවය නම් කියන විදියට ඔවුන් මේ බීමට එක හෙලා විරුද්ධයි. ඒත් තමන්ගේ සැමියා හෝ පෙම්වතා යම් උත්සව අවස්ථාවක ටිකක් බිව්වට කමක් නෑ වගේ තමයි ඉන්නේ. බොරු විරුද්ධත්වයක් පෑවත් හිතයටින් කැමතියි අරක්කු ටිකක් බොනවනම්. ‍‍‍
(කාට කියන්නද? හික් හික්..)

මේ ලිපිය ලිවිල්ලෙන් මම අදහස් කලේ බොන හැටි කියල දීමක් නොවෙයි. ඕනම දෙයක් කන්න බොන්න අයිතිය තියෙන්නේ තමන් අතේ