Friday, September 4, 2009

රාමසාන් මාසෙ ඇවිත්...




ඔන්න දෙවැනිවතාවටත් මම කටාර් ඉදන් රාමසාන් සමරනවා... ලංකාවේදි නම් රාමසාන් අපට තවත් දවසක් වුනත් මෙහෙ වගේ මුස්ලිම් බහුතරයක් ඉන්න අරාබි රටක මේ මාසය ඉතාමත් වැදගත් උත්කර්ෂවත් ලෙස සමරනවා. මේ කාලය හරියටම දින 30ක්. මේ දින 30 ඇතුලත සියලු මුස්ලිම් භක්තිකයන් ලෝකයේ ඉන්න කන්න වේලක් නැති දුප්පත් ජනතාව විදින දුක තම ශරීරයට ලබා දෙනවා.


ඔවුන් උදෑසන හිරුකිරණ පොලවට පතිත‍වෙන්නට පැයක මත්තේ සිට හැන්දෑවේ හිරුබැසයනතෙක් නිරාහාරව සිටිනවා. මේක Fasting කියල හදුන්වනවා. අපි දන්න බාසාවෙන් නම් ‍නෝම්බි අල්ලනවා කියන්නේ මේකටයි. මෙහිදී ඔවුන් වතුර තියා කෙල පිඩක් වත් උගුරෙන් පහලට යවන්නේ නෑ. මුස්ලිම් ආගමේ නියම කරලා තියෙන්නේ එහෙමයිලු. මේ වගේ කාන්තාර රටක මෙහෙම ඉන්නේ කොහොමද කියල මටනම් හිතාගන්නත් අමාරුයි.

හැබැයි ශාරීරිකව දුබලතා ඇති අයට ආහාර ගැනීමට බාධාවක් නෑ.

මේ රටේදි නම් ලංකාවේ වගේ සෙල්ලම් බෑ. මේ කාලය තුල අන්‍යාගමිකයන් පවා ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීමෙන් වලකින්න ඕනා. සංවරව ඇදුම් අදින්න ඕනා. නැත්නම් නවතින්නේ පොලිසියේ තමයි.

රෝමෙට ගියාම ඒ විදියට ඉන්න කියලා කතාවක් තියනවානේ. අපිත් ඉතින් ඒ වගේ තමයි. ඒත් මේ සහජ බඩගින්න නම් නැති කරගන්න බෑ. ඉතින් මුස්ලිම් අය ඇරෙන්න අනෙක් අය කෑම කාමරයේ හරි කුස්සියට වෙලා හරි බඩපුරෝගන්නවා. ඒ තැන්වලට මේ කාලය තුල අපේ මුස්ලිම් සහෝදරයෝ එන්නේ නැති නිසා හොදයි.


ඒ කෙසේ වෙතත් එයාලා හවස Break Fasting කරද්දී අපි එතන ඇති. කොයි තරම් බඩජහරි කමක්ද ?
ඒ වගේමයි නියමිත වෙලාවට හැමෝම මුස්ලම් පල්ලියට යනවා. ආහාර ගන්නවා හැබැයි බඩගින්නේ හිටියා කියලා මහ ගොඩක් කන්නේ නෑ. මොකද කොච්චර බඩගිනි වුනත් කන්න පුලුවන් බඩේ තරමට නේ. කෑම විශේෂයක් නෑ, බත්, බේකරි ආහාර, රොටී සහ කැද වගේ දේවල්... රට ඉදිනම් අනිවාර්යයි.


කොහොම නමුත් මේ අමාරු දවස් ටිකේ අපටත් දවසට පැය 6යි වැඩ. හවස් වරුව නිවාඩු. රාමසාන් උත්සවය දවසෙ ඉදන් දින 3ක් සම්පූර්ණයෙන්ම නිවාඩු. ඒත් මොනා කරන්නද? නිවාඩු දවසක් ගත‍ වෙන්නේ හරිම හෙමින්... වැඩ කරන දවසට ඉක්මනින් පැය 8 ගෙවිලා යනවා.


ලබන අවුරුද්දේ රාමසාන් කාලෙට මේ ලිපියත් රටත් මට ආයෙත් මතක් වෙයි...

මොකද ඒ වෙනකොට මම ලංකා‍වේ නිසා.














4 comments:

  1. මේ මිත්රයයා දන්නවා ඇති මම ආගම් හිසේ දරන් ඉන්න කෙනෙක් නෙමෙයි කියලා. ඒත් හැම ආගමකම ගත යුතු දේවල් තියෙනවා. මම හැම ආගමකටම ගරු කරනවා. ස්තුති කොමෙන්ට් දැම්මට..

    ReplyDelete
  2. what will happen he is muslim?

    ReplyDelete
  3. රාමසාන් මාසෙ ගැන ලියපු එකට සතුටුයි. මමත් ඉන්නෙ මුස්ලිම් රටක. එක දිගටම නැති වුණත් මම බොහෝ දවසට මෙහෙ දේශිය කාර්යය මණ්ඩලයත් එක්ක උපවාසයේ යෙදෙනව. අද එහෙම උපවාසයේ යෙදුණු තවත් දවසක්. ලංකාවෙ කියන විදිහට නෝම්බි ඉවර කරන්නෙ ඉර බැහැලා ගියාට පස්සෙ.
    ඉස්සෙල්ලාම රට ඉඳි කාලා, වතුර බීලා තමයි අනෙකුත් කෑම කන්නෙ. අනික් අයගේ කුසගින්න අවබෝධ කර ගන්න අරමුණින් කරන මේ උපවාසය ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියල මට නම් හිතෙනවා. ආහාර ජීරණ පද්ධතියටත් පොඩි විවේකයක්.
    හැම ආගමකම වගෙම සංස්කෘතියකම තිබෙන යහපත් දේවලට ගරු කිරීම හා ඒවා ඉවසන්නට පුරුදුවීම අපේ මානසික ඒකාග්‍රතාවය දියුණු කර ගැනීමට වුවත් ලොකු රුකුලක්.

    ReplyDelete
  4. ස්තූතියි කොමෙන්ට් දක්වපු ඔබ සැමට,

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...