Monday, October 12, 2009

බොන්න එපා.. විඳින්න..

අපේ “ම” ගේ “මගේ මරණය” බ්ලොග් එකේ ලගදී දැකපු පෝස්ට් එකක් නිසා තමා මේක ලියන්න හිතුනේ.

මම ලංකාවේදී දෙවනි වතාවට කරපු රස්සාවෙදි තමා මුලින්ම අරක්කු ටිකක් කටේ තියන්න පටන්ගත්තේ. ඊට කලින් අවස්ථා ගණනාවක් ආවත් මම ඒ හැම එකක් ම මග ඇරියා. මටනම් හිතෙන්නේ ඒ ඕනම දෙයක් කුලුදුලේ පටන් ගනිද්දී තියෙන සහජ බය නිසා වෙන්න ඇති.

හැබැයි ඇත්තටම මං මත්පැන් ටිකක් මුලින්ම බිව්වේ මගේ පාසල් නිවාඩු කාලේ ගමේ ඉදිත්දියි... ඒ අපේ ලොකු මාමා කුඹුරේ ඉදන් ඇවිත් රා වීදුරුවක් සප්පායම් වෙද්දී.. මටත් ඕනා වුනා ඒකේ රස බලන්න. මොන රසක්ද මගේ මූණ ඇඹුල් වුනා විතරයි.

පස්සේ රැකියාවට යද්දී සෙට් වුනු මගේ ගජ මිතුරන් එක්ක දියවන්නාව ලගට ගිහින් බියර් සල්ලි දීලා අරන් වෙන කඩේකින් අරන් එන කෝලා බෝතලේට 70%ක් අරක්කු මිශ්‍ර කරලා බියර් සැන්ඩි කරලා බොන හැටි...(එතන බොන්න දෙන්නේ බියර් විතරයි) හික් .. හරියට උගුඩුවො වගේ.

මුලදී මේ සෙට් වෙන එක හරිම ජොලි වැඩක් වුනා. බොහොමයක් වෙලාවට අපි සෙට් වුනේ මාස්පතා. හැබැයි එදාට කොල්ලෝ ටික කණ සාක්කුවේ දාන් තමා ගෙදර යන්නේ. මේ සෙට් විල්ලට කලින් තියෙන වාතාවරණය හරිම උනන්දු සහගතයි. හවස් වෙද්දී හැම වැඩක්ම ඉවර කරලා.. ගෙදරටත් චූටි බොරුවක් කියලා වැඩේ පටන් ගන්නවා ගග අද්දර...


කාලය ගලන් යද්දී පසුම්බි වල සල්ලි ඉවර වෙනකල් නැති සල්ලිත් එලියට අදිමින්.. එකිනෙකාට තමන්ගේ හැකියාව පෙන්වමින්.. බීමත් කම පෙන්නමින්.. වැනි වැනි වැහි දවසක නම් තෙමි තෙමි ගෙදර යනවා..

මේ වෙලාවෙදි හැමෝම පෙන්නන්නේ තමන්‍ට කෙලින් ඉන්න බැරි බවක්. පුදුම වැඩක් කියන්නේ මෙහෙම බීමත් වුනු වෙලාවල කියන කරන දේ ඒ වෙලාවට විතරක්ම සීමා විමයි. පස්සේ වෙලාවක ඒ ගැන කතා කලොත් කියන්නේ කන බොන වෙලාවල කියන කරන දේවල් ගණන් ගන්න එපා කියලයි.

මේ හැම දේකටම වඩා අවුල මට මේ බීමන් පස්සේ ලොකු වෙනසක් නොදැනීමයි. ( ඇත්තම කිව්වොත් මත් ගතිය මාව තව තවත් ගොලු බවට පත්කරනවා) හැබැයි මේ බව මම අනෙක් අයට නොපෙන්ව ඉන්න බලන්නේ මම හොරට බීල කියල කියන නිසයි.

පස්සේ මට තේරුණා මේ අපි කරන්නේ කොයිතරම් බොරු වැඩක්ද කියන එක. වීශේෂයෙන්ම නොදරුවාගේ කොමෙන්ට් එකේ වගේ මමත් උත්සාහ කරා යාලුවන්ව ඒ ගැන උනන්දුවක් ඇති කරන්න. ඒත් එතන තිබුනේ ඊර්ෂියාව, බලපුලුවන්කම, කුහක කම වගේ නරකාදී අදහස් මිසක් බීමේ වින්දනයක් නොවෙයි.

තමා තමාගේ පමණ දන්නව නම් කිසිම අපහසුවක් නෑ කාටවත්. විශේෂයෙන් බීමක් රස විදින්නනම් වැඩිම උනොත් දෙන්නෙක් හොදටම ඇති. ‍බෝතල් ගාන ගණන් කරන්න බීම ලොකුම බොරු වැඩක්. සැර බීම තිත්තයි. එත් ඒ තුල යම් සැගවුණු රසයක් තියෙනවා. පුද්ගලයන්ගේ අදහස් සංකල්පනා තුලින් යම් කාලයක් තමන්ට වින්දනයක් ලැබිය හැකියි. ඒත් ඒ වින්දනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

කොහොම නමුත් සමස්තයක් ස්ත්‍රී පාර්ශවය නම් කියන විදියට ඔවුන් මේ බීමට එක හෙලා විරුද්ධයි. ඒත් තමන්ගේ සැමියා හෝ පෙම්වතා යම් උත්සව අවස්ථාවක ටිකක් බිව්වට කමක් නෑ වගේ තමයි ඉන්නේ. බොරු විරුද්ධත්වයක් පෑවත් හිතයටින් කැමතියි අරක්කු ටිකක් බොනවනම්. ‍‍‍
(කාට කියන්නද? හික් හික්..)

මේ ලිපිය ලිවිල්ලෙන් මම අදහස් කලේ බොන හැටි කියල දීමක් නොවෙයි. ඕනම දෙයක් කන්න බොන්න අයිතිය තියෙන්නේ තමන් අතේ

7 comments:

  1. කතාව ඇත්ත.

    ReplyDelete
  2. කාන්තා පාර්ශවේ අකමැති එක ගැන නම් මුලින්ම කියන්න තියෙන්නේ . . ඒක ගතානුගතිකත්වය . . .අම්ම උගන්වල තියෙනවා බොන මිනිස්සු හොඳ නෑ කියලා . . . දහම් පාසලේ උගන්වලා තියෙනවා තුන්වෙනි සිල්පදේ කඩන්න එපා කියලා . . ඔය හේතු මත මිසක් හොඳක් නරකක් රසවිඳල වත් නෙමෙයි එපා කියන්නේ . . . (මගේ බිරිඳ නම් එපා කියන්නේ නෑ එපා කියන වෙලාවල් වලදී මම නම් කියන්නේ ඔයා ටිකක් බීල හොඳ නෑම වගේ තේරුනොත් එපා කියන්න කියලා . . . හික්ස් . . .)

    අනිත් දේ තමයි අපේ අයට බොන්න ගත්තොත් බෝතලේ අඩිය බලන්න ඕන කම . . . තනිකරම වැරදියි . . . ඒ බීමේ රස විඳලා . . . ලබන පොඩි "පාවෙලා නිල්වලාවේ" වගේ මත් ගතිය තියාගෙන බීපු එකේ ආතල් එක නොගෙන මොන මගුලටද අඩිය බලන්න ඕන කමට බීලා වමන දාලා . . කන සාක්කුවේ දාගෙන . . වැටි වැටී ගෙදර ගිහින් . . පහුවදාට ඔලුව කැක්කුම හදාගන්නේ . . .

    ReplyDelete
  3. මොනා උනත් හොඳ ලිපියක් මචන් . . . උඹ දැන් ඉන්න රටේ මම එක කාලයක් හිටියා . . . අපිට (4 දෙනෙකුට ) ආයතනයෙන් සියලු පහසුකම් සහිත ලොකු ගෙයක් දීලා තිබුනා . . අපි හැම සති අන්තෙම බොන පාටි දැම්මා . . . අපිට ඕන වුනේ පහුවදා පාන්දර වෙන කම් සින්දු කියන්න ඕන තරම් වෙන උත්තේජනයක් විතරයි . . . කන සාක්කුවේ දා ගන්න නෙමෙයි . . හිටපු හැමෝම එහෙමයි . . අපි 4 දෙනාට අමතරව එලියේ යාලුවෝ 15ක් විතර එනවා . . . හරිම සුන්දර කාලයක් . . මතක් වෙද්දිත් සතුටුයි . .

    ReplyDelete
  4. ඇත්තෙන්ම දුකා මේ හේතුව යාලුවන්ට තේරුම් කරලා දෙන්න බැරිවුනු නිසාම මම දැන් මේකෙන් මිදිලයි ඉන්නේ... බොහොමත්ම සතුටුයි ඔබේ අත්දැකීම පලකීරිම ගැන...

    ReplyDelete
  5. @ chamila_dealwis ස්තූතියි මචං

    ReplyDelete
  6. @රංග ප්‍රභාත් ජයසිංහ
    - ඒක ඇත්ත ඒවා දැක්කම මේවා ලියවෙනවා...

    ReplyDelete
  7. ape minissu danne ne ban beema rasa widinna. peretha kamak thiyenne bonna.

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...