Friday, May 29, 2009

Sony Ericsson Satio


ඊයේ, ඒ කියන්නේ 2009 මැයි මස 28 වැනිදා දවස ගෙවෙනකන් මම හිටියේ නොඉවසිල්ලෙන්. ඒ මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න මගේ සිහින ජංගම දුරකථනයේ රිලීස් ඩේට් එක දැනුම් දෙන නිසා (MWC). කටකතා වලින් කිව්ව විදියටම සෝනි සමාගම ඊයේ ඒ නිවේදනය නිකුත් කලා. ලබන ඔක්තෝබරයේ ඉදන් වෙලදපලට Sony Ericsson Satio (Previously IDOU) නිකුත් කරන බවයි.


දැනට ජංගම දුරකථන නිපදවන්නන් අතර ලොකු යුද්ධයක් ඇතිවෙලා තියනව මේ සංවේදී තිර සහිත ජංගම දුරකථන වලට. දැනට වෙලදපල දිහා බලද්දී සෝනි සමාගම තරමක් පහලින් හිටියත් (විශේෂයෙන් අරාබිකරයේ නොකියා තමයි ඉල්ලුම වැඩි) මේ ජංගම දුරකථනයත් සමග ඔවුන් වෙලදපලේ වෙනසක් කරන්න සුදානම් වෙනබව පේනවා.


මේ දුරකථන‍යේ දැනට වෙලදපලේ තිබෙන සුපිරි දුරකථනවල තිබෙන සියලුම විශේෂාංග වලට අමතරව 12.1 මෙගා පික්සල් කැමරාවකුත් තියනව. මේ සමග තරග කරන නොකියා දුරකථනය තමයි N97.


ඒ කෙසේ වෙතත් මම මුලින්ම භාවිතා කලේ නොකියා 3315 දුරකථනයක් පස්සේ නොකියා 3230, ඊටත් පස්සේ සෝනි එරික්සන් W810i. ඒකෙන් තමා මට සෝනි වලට හිතගියේ. Xperia X1 ගන්න හිටියත් පස්සේ හිත වෙනස් කරලා Sony Ericsson Satio ගැන බලාපොරොත්තු තියන් හිටියා. ඒ බලාපොරොත්තුව ඉටුවෙන්න තව ටික කාලයයි.



මෙන්න සියල්ල සවිස්තරව
මෙතන ඔබන්න නැත්නම් මෙතන

සුභ උදෑසනක් දෝහා


මේ ජායාරූපය මම උපුටා ගත්තේ මේ ගැන විශේෂ දෙයක් කියන්න තියන නිසයි. මේ දවස් වල අපි ආසම නැති සමර් එක පටන් අරන් තියෙන්නේ. පහුගිය සතියේ (අපිට සතිය පටන්ගන්නේ සෙනසුරාදා) සෙල්සියස් 51ටම ඉහල ගියා. කියන්න ඕනේ නෑනේ එලියට බහින්න පුලුවන්ද කියලා..

මේ පින්තූරය අරන් තියෙන්නේ උදේ 4.00ට කොයිතරම් උදෙන් ඉර පායනවද කියල හිතාගන්නකො...

Saturday, May 23, 2009

ඇත්තයි හැබැයි තිත්තයි...



අද මම කල්පනා කලේ පරිගණකයක් භාවිතයේදි අපි කරන වැරදි වැඩ ටිකක් ගැන කියන්න.



පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වුනාට අනික් බඩු වගේ නොවෙයි. සාපේක්ෂව හුගක් සංවේදීයි. සමහරු හිතන්නේ මේක ටෙලිවිෂන් එකක් වගේ කියලයි. එබුවා ඔන් කලා එබුවා නිවල දැම්මා. (දැන් හාඩ් ඩිස්ක් හොද නිසා ලොකු දෙයක් වෙන්නේ නෑ ලේසියෙන්.) හැබැයි නරකක් වෙන්න ඉඩ වැඩියි.


පරිගණකයක් නිවා දමනව කියන්නේ ෂට්ඩවුන් කරන එකම නොවෙයි. එයට සම්බන්ධ සියලුම විදුලි සම්බන්දතා ජාල සම්බන්දතා ඉවත් කල යුතුයි. සමහරු ෂට්ඩවුන් කරල යූපීඑස් එක නිවල හිතනව ඔක්කොම හරි කියල. අදාල පරිගණකයේ ප්‍රධාන කෙවෙනියෙන් ගලවනකන් පරිගණකය ආරක්ෂිත නැහැ විදුලි සැර වලින්. ඒ වගේමයි ජාල කේබලය සහ ස්විචය. ලැප්ටොප් එකක් නම් ඔබ එහි අන්තර්ගතයට පිවිසෙනවනම් ලැප්ටොප් බැටරිය ගලවන්න අමතක කරන්න එපා.


පරිගණකයේ තියෙන වීඩියෝ කේබල් එක (මොනිටරයෙන් එන) පීඑස් 2 මවුස් සහ කීබොඩ් කේබල් පරිගණකය වැඩකරද්දී ගලවන එකනම් හොද වැඩක් නෙමෙයි. අලුතින් මව්පුවරුව දාන්නත් නොවෙන එකක් නෑ.


මවුස් එක ක්ලික් කරද්දී අපට වරක්,දෙවරක්, තෙවරක් රයිට් ක්ලික් හෝ ස්ක්‍රොල්, කීබොඩ් නම් අදාල කී (යතුරු) සමාන්‍ය වේගයකින් තදකරාම හොදටම ඇති. අවශ්‍යනම් සෙටින්ග් වෙනස් කරගන්නත් පුලුවන් කන්ට්‍රොල් පැනල් එකෙන්. එත් සමහරු කී තදකරන්නේ එයාලගෙන් තරහ පිරිමහන්න වගේ (විශේෂයෙන් එන්ටර් කී එක - පව්) පරිගණකයට ඔබේ ආවේග සහ සිතිවිලි තවමත් තේරුම් ගන්න බෑ. ඒ හින්දා සාමාන්‍ය විදියට කී එබුවානම් හොදටම ඇති.

පරිගණකය හැම වෙලේම ආරක්ෂා කරන්න. දූවිලි වලින්, තෙතමනයෙන්, දැඩි අව්වෙන් සහ නොයෙකුත් පරිගණක මෘදුකාංග වලින්. මම ලග තියෙන කම්පියුටර් එක දැනට තියන හොදම එක කියන අයගේ පරිගණකය ලගට ගිහින් බැලුවොත් කුණු ගොඩක් ඔබට පෙනේවි. බාහිර පෙනුම වැදගත් නෑ කිව්වට ඒක හරියට නැත්නම් අභ්‍යන්තරය ගැන කුමන කතාද. ඔබ පරිගණකයට සැලකුවොත් එහි ජීවිත කාලය වැඩිවෙන්න ඒක බලපානවා නිසැකයි.



සමහරු ලෝකයේ තියන හැම මෘදුකාංගයක්ම තමන්ගේ පරිගණකයේ පටෝගෙන. වැඩක් ගන්නෙත් නෑ. ඒ වගේමයි සමහරු එන එන හැම එකම ස්ථාපනය කරගෙන අන්තිමට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියල වයිරස් අයින් කරන්න උත්සාහ කරනව මම අනන්තවත් දැකල තියනව. ඒ ඇයි කියල මට තාම හිතා ගන්න බෑ (කමක් නෑ Support එකට ඉන්න අපි‍ටත් අලුත් අභියෝග එන තරමට හොදයි ඉගෙනගන්න)


ඉතින් මෙන්න මේ වගේ එකී නොකී දේවල් ගොඩක් තියනව. තව ඉස්සරහට තවත් ලියන්නම්කෝ....

Thursday, May 21, 2009

අපේ කාලයේ නිදහස...


අවසානයේදී අපි සැබෑ නිදහස වින්දෙමු.. ඒ ඔබේ ලෙයින් කදුලින් තෙත්වුනු අපේ මවුබිමයි.

ඒ ගුණ සදා සමරමු...

කිසිදා අමතක නොවේ

රණවිරුවනි ...

ජනපතිතුමනි ...

අපි දුම් බොමු

පින්තූරය ඔබන්න

www.තක්සලාව.com  වෙතින් උපුටා ගත්තෙමි‍

Wednesday, May 13, 2009

මිනිස් ජීවිතයක වටිනාකම

මේ පිංතූර පලවෙලා තිබුණේ දමිල ඊලාම් හිතවාදී වෙබ්පිටුවක. මේ අසරණ මිනිසුන් විදින දුක ත්‍රස්තයන් ප්‍රයෝජනයට අරන් තියනවා බොහොම කැත විදියට. මේ අසරණ මිනිසුන් කිසිම විදියකටවත් සත්‍යය දැනගෙන නැහැ ඔවුන් මියයන තුරාවටම. ඔවුන් මියයන මොහොතෙත් හිතන්නේ සිංහල හමුදාව තමන් ඝාතනයට උපන් අය බවයි. මොවුන්ගේ මොල සේදීම කරන්න ත්‍රස්තයන් ඇපකැප වෙලා...! මේ මිනිසුන් මේ දරුවන් කොයිතරම් අසරණද, මිනිසුන්ගේ හදවත් තුල තිබූ ආදරය අද කොහිද......

මේ පිංතූරවල තියෙන දින වකවානු ගැනනම් මට සැකයි. හොදින් බලන්න දිනය දිහා මේ පිංතූරවල.. එය සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරාවක සටහන් වෙන විදියට වඩා වෙනස්

Wednesday, May 6, 2009

අරාබි වෙසක්....


මේ දවස් වල වැඩ ටිකක් වැඩියි.. ඩිසයින් එක ටිකක් ප්රමාද වුනේ ඒකයි. කොහොම නමුත් අද වැඩේ ඉවර කරගත්ත. ඔබ මෙතන ක්ලික් කලාම මේකේ විශාල ප්රැමාණයේ පින්තූරය දිස් වේවි. ඒක පාවිච්චි කරන්න යාලුවන්ට මේල් කරද්දී.

බුදු දහම හරියට අනුගමනය කරන්න. ඉගෙනගන්න. හැම විටම සත්යේය දැනගන්න.

Friday, May 1, 2009

ඔබ ඉන්නෙ... ඔබ පාවිච්චි කරන්නෙ....


ඔබටත් කරන්න පුලුවන් පහසුවෙන්ම

යන්න www.wieistmeineip.de වැඩේ අමාරුනම් Comment එකක් දාන්න. මම උත්තර දෙන්නම්