Thursday, April 30, 2009

I Cant Hold Back.....

මේකත් ලගදී බලපු ඉංග්රිනසි චිත්රපටියක තිබුණු ගීතයක්... තරමක් පැරණි වුණත් අහන්න අපුලක් නැති ගීතයක්. මේ ගීතය ලගදී තිරගතවුණු Pall Blart – Mall Cop චිත්රපටියෙන් තමා මම ඇහුවෙ. චිත්‍රපටිය නම් කොමඩි එකක්. මේ ගීතය ගායනා කරන්නේ Survivors සංගීත කණ්ඩායමයි.


මෙන්න ඔබටත් ඒ ගීය අහන්න අවස්ථාවක්...

There's a story in my eyes
Turn the pages of desire
Now it's time to trade those dreams
For the rush of passion's fire
I can feel you tremble when we touch
And I feel the hand of fate
Reaching out to both of us
I've been holding back the night
I've been searching for a clue from you
I'm gonna try with all my might
To make this story line come true
Can ya feel me tremble when we touch
Can ya feel the hand of fate
Reaching out to both of us
This love affair can't wait

*I can't hold back, I'm on the edge
(I can't hold back)
You voice explodes inside my head
I can't hold back, I won't back down
Girl it's too late to turn back now*

Another shooting star goes by
And in the night the silence speaks to you and I
And now the time has come at last
Don't let the moment run too fast
I can feel you tremble when we touch
And I feel the hand of fate reaching out to both of us
There's a story in my eyes, turn the pages of desire
Now it's time to trade those dreams
For the rush of passion's fire

මෙතැනින් බාගන්න

Wednesday, April 15, 2009

Image Burn


මම මෘදුකාංග ගැන බොහෝ දේ සොයමින් ආවා. එහෙම එද්දි මට වියදමක් නැතිව ලැබුණු තවත් සුවිශේෂී මෘදුකාංගයක් තමා Image Burner කියන්නෙ. අපි CD එකක් කොපි කරද්දී ඒ CD එකේ තියන හැම අංශුවක්ම හැම බිටුවක්ම කොපි කරගන්න පුලුවන් විදියක් තමයි CD image එකක් සේව් කර ගැනීම. 

දැනට භාවිතයේ තියන ඕනම CD Writing මෘදුකාංගයකින් CD image සේව් කරගන්න පුලුවන්. සම්මතය තමා ISO Format එක. ඒත් බොහෝ මෘදුකාංග උදව්කරන්නේ තමන්ගේමවූ Format එකකට (උදා
: NTI = .ncd , Nero = .nrg) 

ඉතින් මෙහෙම ‍සේවි වුණු එක ආයෙත් එකකට පිටපත් කරද්දී තමා ප්‍රශ්නක් වෙන්නේ. මොකද ඒ Image එක සේව් කරපු මෘදුකාංගය නැත්නම් ඒ ආයෙත් CD එකකට පිටපත් කරන්න වෙන්නේ නෑ. 
මේකට තියන හොදම විසදුම් වලින් එකක් තමා මේ IMG BURN මෘදුකාංගය.
මේ මගින් CD පිටපත් කිරීම, CD Image සෑදීම, නොයෙකුත් Format වල CD Image නැවත පිටපත් කිරීම, තැටි ධාවකයේ වේගය පිරික්සීම වගේ දහසකුත් එකක් වැඩ කරගන්න පුලුවන්.

කියවල වැඩක් නෑ බාගෙනම බලන්න මෙතන ඔබන්න 

 
 


මකුණා


මේ ඉන්නේ මොකාද කියල කවුරු කවුරුත් හොදටම දන්න‍වනේ. මට මකුණා ගැන ලියන්න හිතුනේ කාලෙකට පස්සෙ මකුණෙක් දැක්ක නිසා. 

මේ සතාට English වලින් Bed Bug කියලයි කියන්නේ. නමින්ම හිතාගන්න පුලුවන්නේ මෙයාගෙ සෙල්ලම.. මතුපිටින් බැලුවම දුඹුරු පාටට හුරු රතු පැහැයක් තියන පැතැලි සියුම් අඩු තියන සතෙක් තමා මේ. බැලූ බැල්මට ගම්මිරිස් ඇටයක් තරම් වුනාට කට්ටියක් එකතුවුනාම වද කරන එක ලේසි නැහැ..


මට මතක් වෙනව අවුරුදු 10කට 15කට ඉස්සර අපේ අල්ලපු ගෙදරට මේ වසංගතයක් බෝ වෙලා එකෙන් බේරෙන්න සෑහෙන දුකක් වින්දා. අන්තිමේදි නොයෙකුත් බේත් කරල වැඩක් වුනේ නැති වුනහම උණු වතුරෙන් තමා ගැලවීමක් ලැබුණෙ.


මේ සත්වයා පරපෝෂිතයෙක්. දෙවන ලෝක යුද සමයේ ලෝකය පුරාම ව්යාරප්ත වුණූ මේ වසංගතය කාලයත් සමග අඩු වුණා. මේ සතා බෝ වෙන්න බොහෝ ඉවහල් වෙන්නේ තෙතමනය රැදෙන අදුරු අහුමුලු ඒ වගේම මිනිසුන් ගැවසෙන තැන්. වැඩි අවධානයක් නොදුන්‍‍නොත් දින කීපයකින් ලක්ෂ ගණනක් පැටවු බිහි කරලා මිහිමත අපායක් හදන එක ලොකු වැඩක් නෙමෙයි මෙයාට.


මේ තොරතුරු කෙසේ වෙතත් ඇමරිකාවට අලුත්ම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ මෙයාගෙන් Assosiated Press කියන විදියට. එහි අදුරු වීදී කොන්වල, කසිකබල් හෝටල් වල, පාසල් නේවාසිකාගාර වගේ තැන්වලින් මේ උවදුර දැන් නිව්යොක්, චිකාගෝ සහ වොෂින්ටන් නගරවල ව්යාප්තවෙලා කියලයි ආරංචි.


එහෙනම් පරිස්සමෙන් .... ඔබේ ඇදුමෙත් දැන් මකුණෙක් එල්ලිලා ඉන්නවා වෙන්න පුලුවන්.....


Thursday, April 9, 2009

අවුරුදු සුභ පැතුම්

ලෝකයේ සෑම තැනකම ඉන්න ලංකාවාසී සිංහල දමිල  සහෝදර සහෝදරින් සියලුදෙනාටම සුභ නව වසරක්  වේවා

ඔබටත් ඔබේ යහලුවන්ට මේ පණිවිඩය ඔබේ නමින්ම යවන්න මගේ නම නැති සුභ පැතුම මෙතැනින් බාගන්න


ඔබේ නම යොදාගෙන මේ පින්තූරය හදාගන්න දැන්මම මට ඊ මේල් කරන්න prabathc@gmail.com


Sunday, April 5, 2009

හුණුකූරු සෙල්ලම්

Crayon Physics Deluxe තමා මේ ගේම් සීරීස් එකේ දෙවැනි රීලීස් එක. මම මේ රිලීස් දෙකම ප්ලේ කරල තියනවා. දෙකේම ගේම් ප්ලේ එක නියමයි. හොදට ඇඩික්ට් වෙනවා.

මේක අයිති වෙන්නේ 2ඩී හෙවත් ද්විමාන ගැටලු විසදන වර්ගයට. මේකේදි සෙල්ලම් කරන කෙනාට නිදහස් අවකාශයක් ලැබෙනව තමන්ට කැමති ඔනෑම හැඩතලයක් අදින්න. ඒ හැඩතල භාවිතා කරල ස්වභාවික මුලධර්මවලට අනුව එහා මෙහා කරන්න ලැබෙනව. මේක අලුත්ම අත්දැකීමක්.....

මෙහිදී ලබාදෙන ගැටලු විසදීමෙන් ඉදිරි අදියර වලට පිවිසෙන්න පුලුවන්. මේක වඩාත් සුදුසුයි ටච් ස්කීර්‍න් තිරයක් නම්.

ඩෙමෝ එක මෙතනින් බාගන්න

මෙන්න ගේම් එකේ වීඩියෝ බලන්න


Friday, April 3, 2009

Twilight

තමන්ගේ මව්පියන් වෙන්වෙලා ඉන්න පවුලක එකම දුව වුනු ඉසබෙලා තමන්ගේ පියා ලගට එනවා ටික කාලයකට. පියා පොලිස් නිලධාරියෙක්. මව විනෝදයට බර කෙනෙක්. 

ඉසබෙලාගේ පියා ඉන්නෙ දුර පලාතක. ඇය ඒ ගමේ පාසලට යනව. ඒ පාසලේ ඉන්න අමුතුම චරිත වලින් එක් අයෙක් ඉසබෙලාට අමුතුම හැගීමක් දෙනව. ඒත් ඒ හැගීම සෑහෙන දුර දිග යයි කියල ඇය කිසි සේත්ම හිතන්නේ නැතිව ඇති....

මේ ඉසබෙලාගේයි එඩ්වඩ් කියන වැම්පයර් තරුණයගෙයි කතාව තමයි Twilight Movie එකට පාදක වෙලා තියෙන්නේ.

මේ චිත්රපටිය බොහොම සරල තේමාවක් තියන එකක් වුනත් අධ්‍යක්ෂ වරයා බොහොම සීරුවෙන් මේක සංකීර්ණ කරනව ක්රියාදාම රාශියක් සමග. මෙහිදි අර මිනිස් ලේ උරා බොන වැම්පයරය තමාගේ හැගීම් එක්ක ගැටෙන හැටිත් මිනිස් දුවක් ඇගේ සිතුවිලි වැම්පයරය සමග සම්බන්ද වෙන හැටිත් මමනම් බොහොම සුන්දරව දැක්කා.

ඒ කොහොම වුනත් මට මේ සටහන ලියන්න හිතුනේ මේ Movie එකේ එන ගීත එකතුව නිසා. මෙහි එන ගීත සියල්ලක්ම මගේ හිත ගත්තා. ඒ අතුරිනුත් Flightless Bird, American Mouth ගීතය ලොකු තේරුමක් හිතා ගන්න බැරි වුනත් අහන්න ආස හිතෙන විදියට Compose කරල තියනව. මෙන්න ඔබටත් අහන්න අවස්ථාවක්

ගීතය මෙතනින් බාගන්න.

Lyrics

I was a quick, wet boy 
Diving too deep for coins 
All of your street light eyes 
Wide on my plastic toys 
Then when the cops closed the fair 
I cut my long baby hair 
Stole me a dog-eared map 
And called for you everywhere 

Have I found you, Flightless Bird; 
Jealous, weeping? 
Or lost you, American Mouth; 
Big billed, looming? 

Now I’m a fat house cat 
Nursing my sore, blunt tongue 
Watching the warm poison rats 
Curl through the wide fence cracks 
Pissing on magazine photos 
Those fishing lures thrown in the cold and clean 
Blood of Christ mountain stream 

Have I found you?, Flightless Bird;
Grounded, bleeding? 
Or lost you, American Mouth; 
Big billed, stuck going down

ඉතින් ආයුබෝවන් Facebook.....

හැමෝම කැමති මම අකමැති  එකෙන් මම අයින් වුනා. අයින් වෙන එකත් ලේසි නෑ. දැනට මගේ එකවුන්ට් එක ‍Suspend වෙලයි තියෙන්නෙ. තව දින 14කින් login නොවී හිටියම ඉබේම කැන්සල් වෙලායාවි.

මෙන්න මෙහෙමයි කැන්සල් කරගත්තේ.

මෙතනට යන්න 

Submit  කරන්න

එච්චරයි

Thursday, April 2, 2009

Skype කෝල් රෙ‍කෝඩරය


මේක ඒතරමි අලුත් දෙයක් නෙමෙයි එත් සමහර වෙලාවලදී අතිශය වැදගත් වන Software එකක්.

තවත් ඔනතරම් ස්කයිප් කෝල් රෙකෝඩර් තියනව තමයි. ඒත් මේක ‍බොහොම බර‍ අඩු පාවිච්චිය ඉතා පහසු එකක්. මම දැනට භාවිතා කරන පැමලා කෝල් රෙකෝඩර ප්ලග්ඉන් එකට වඩා මේක හුගක් හොදයි කියල මට හිතෙනව. බාගන්න තියෙන්නෙ zip රැදවුමක් විදියට

මේක පරිගණකයේ ඉන්ස්ටෝල් කරලා අහන කොට Skype Access  දුන්නනම් එච්චරයි.

භාවිතයට අවශ්‍ය සුදුසුකම්

  • වින්ඩෝස් 2000, XP, Vista
  • Net Framework 2.0 or later
  • Skype

මෙතනින් බාගන්න

Wednesday, April 1, 2009

ලෝකයේ උසම ගොඩනැගිල්ලටත් අකුණු ගහපු හැටි...

දැනට වැඩ ඉවර කරගෙන යන බුරාජ් ටවර් එකට පහුගියදා මැදපෙරදිගට ආපු කුණාටුව මැද්දෙ අකුණු ගැහුවෙ මෙන්න මෙහෙමයි..