Saturday, August 22, 2009

ලංකාවේ සොදුරු මතක II

මේ සැරේ ලියන්න හිතුවේ ලංකාවේ ඉදිද්දී මම ගියපු දිග ගමන්වලින් තවත් එකක් කියන්න. ඔයාලට මතක ඇතිනේ මගේ රස්සාව, දවසෙන් වැඩිහරියක් Outstation තමයි. සමහරු හිතනවා ෂා හරි ෂෝක් නේ .. අපිට නෑනේ ඔහොම චාන්ස් කියලා..

වැඩේ කරන එකාටනේ ඒකේ දුක දැනෙන්නේ. මේ ෆිල්ඩ් එකේ ඉන්න අය දන්නවා Tech Support කියන්නේ මොන වගේද කියලා.

හරි ඒවා මේවා අමතක කරලා මම මේ කියන්න හදන්නේ මාත් තවත් දෙන්නෙකුත් ගිය Tech Support Trip එකක් ගැන. මතක විදියට එදා බදාදා. අගහරුවාදා හවසම අපිට අපේ ආයතනයේ මීගමු ශාඛාවෙන් ලෙඩක් වැටිලා තිබ්බේ. අගහරුවාදා උදේ වෙනකොට කුරුණෑගලත් ශාඛාවත් අවුල්. මොනා කරන්නද හිත හදාගෙන මගේ Utility Pack එකත් ලෝඩ් කරන් ගොඩවුනා වාහනේට. වෙලාව උදේ 09 ට විතර..

මගේ යාලුවො දෙන්නත් මේ ගමන් වලට කියාපු අය..ඕනම වෙලාවක ඕනම වැඩකට ලෑස්තියි.. අපේ ආයතනයේ ශාඛාවන් මුලු දවසෙම පාරිභෝගිකයින්ට සේවා සපයන නිසා අපිට තියන කාලය බොහොම අඩුයි.

ඉතින් අපි මීගමුව හරහා කුරුණෑගලට ආවා. එතන වැඩ ඉවර වෙනකොට දවල් 1ත් පහුවෙලා. හරි එකත් ඉවරයි කියල හිතනකොටම මේන් එනවා ඇමතුමක් අනුරාධපුර ශාඛාවෙන්.. (අපිට අන්ලිමිටඩ් මොබයිල් පහසුකම් සපයල තිබුණු නිසා සොරිම තමයි ආන්ස්වර් කරන්නම වෙනවා) ඒකෙත් ලෙඩ ගොඩක්. ආයෙ කොලඹ ගිහින් එන්න වෙලාවකුත් නෑ.. එහෙමම ඇදපි අනුරාධපුරේ.. (මේ වගක් ගෙදර මනුස්සයා දන්නේ නෑ.. ගිහින් ඉවරවෙලා තමයි කියන්නේ ඒක තමයි කලාව..)


ඔයාලා දන්නවා ඇති අනුරාධපුරේ යන්න කුරුණෑගල ඉදන් පාරවල් දෙකක් තියෙනවා. එකක් දඹුල්ල පාර. අනෙක තඹුත්තේගම පාර.. අපි ගියේ තඹුත්තේගම පාරෙන්. මොකද කැලෑපාරකින් යද්දී අමුතුම කික් එකක් එනවනේ.. මගදි පොඩි හදිසි උවමනාවක් හැදිලා එලි පහලියට බැස්සා. සොරොව්වක් ලග. වැඩේ කරගත්තයින් පස්සේ තමා මේක දැක්කේ..





බැරිවෙලාවත් ඇවිස්සුනානම් පොඩි හදිස්සිය ලොකු එකක් වෙනවා...


මගදී මගේ යාලුවො දෙන්නට වෙල්මාලු කන පිස්සුවක් හැදුනා. කොහොම හරි තඩි බෑග් එකක් පිරෙන්න මාලු ගත්තා. දැන් මේවා හදන්නේ කොහොමද... ගත්තයින් පස්සේ තමා ඒක මතක් වුනේ. කොහොම හරි මේ මාලු නරක් වෙන්න කලින් කන්නත් ඕනා.. කොහොම හරි හවස් ජාමේ වැව් පිටියකට අපි සෙට් වුනා. අහල පහලින් පොඩි ගෑස් ලිපකුයි තාච්චියයි ඉල්ල ගත්තා. දැන් අපේ සූදානම මාලු බදින්න.

සැර බීමක් අපේ යාලුවෙක්ගේ සාක්කුවෙන් එලියට ආවා. මාලු බැද බැද කෑවා. දෙමව්පියොනම් කියල තියෙන්නේ පුලුටු කන්න එපා ඔය වෙලාවට ඔය වගේ තැන්වල කියලා. ඒක මතක් වුනේ කාලා ඉවරවුනයින් පස්සේ.

මේ පිංතූරේ තියෙන්නේ ඒ වැව් පිටියයි වැවයි. ලස්සන වුනාට පසුබිමේ ඉන්නේ මගේ යාලුවො දෙන්නා මාලු හෝද හෝද තනි නොතනියට බල්ලෙකුත් ඉන්නවා.


අපි මෙහෙමයි මාලු බැද්දේ



කොහොම හරි ඒකත් ඉවරකරලා අනුරාධපුර ශාඛාවට ගියා. එතකොට රෑ වෙලා... හැමෝම අපි දිහා බලනවා. මලකෙලියයි අපේ කටවල් වටේ පුංචි පිහාටු.. ඔලුවෙත්..

බලද්දී අපි මාලු බැදලා කාලා තියෙන්නේ වැව් පිටියේ තිබුණු එකම එලිය වෙච්ච අපේ ලිපේ ගින්දරට ඇදිල එන දහස් ගාණක් පුංචි පුංචි කුරුමිණියොත් එක්ක....‌‍


~
සියලුම ඡායාරූප ගත්තේ මගේ පලමු Smart Phone එක වුණු Nokia 3230 එකෙන්
~

2 comments:

  1. ෂා..නියම අත්දැකීමක්..(දෙවැනි සේයා රුවත් හරි ලස්සනයි )

    ReplyDelete
  2. නියම අත්දැකීමක්.
    ඇත්තටම දෙවැනි පින්තුරය හරිම ලස්සනයි.

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...