Friday, August 14, 2009

B13 සහ Parkour කලාව.

මම ඔන්න ආසාවෙන් බලන් හිටපු B13 ෆිල්ම් එකේ දෙවැනි කොටස B13 Ultimatum හොද කොපියක් ඊයෙ බැලුවා. (හොද කිව්වට Dvdscr වගේ).


B13 ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ අන්තර්ගත කථාව බොහෝම සාමාන්‍යන එකක්. වීරයා, දුෂ්ඨයා සහ කෙල්ලක් ඉන්නවා. සිද්ධි මාලාවකට පස්සේ කෙල්ලව වීරයා බේර ගන්නවා. ගලාගෙන යන කතාවක් හැබැයි B13 Ultimatum එකේ කතාව කිසිම තේරුමක් නෑ කියල මට හිතෙන්නේ. මෙච්චර අඩුපාඩු තියෙද්දිත් මේ ෆිල්ම් එක බලන්න හේතු වුනු කාරණාව තමයි මේ ෆිල්ම් දෙකේම ඉන්න ප්‍රධාන නලුවො (David Belle, Cyril Raffaelli) ගේ අසාමාන්‍ය, අති දක්ෂ Stunts. (හැබැයි B13 Ultimatum වල නම් ඒ තරම් හොද Stunts නෑ).


මේ Stunts එක්තරා විදියක කලාවක්. මේකට කියන්නේ Parkour (කෙටියෙන් පී.කේ.) කියලා.මෙහිදිසිදුවෙන්නේ තමා ඉදිරියේ ඇති ඕනෑම බාධකයක් තරණය කරගෙන ඉදිරියට ගමන් කිරීමයි. ඒ ඉදිරියට ගමන් කිරීම ඉතා වේගයෙන් ගලාගෙන යාමක් විදියටයි සිදුකරන්නේ. මේක ජිම්නාස්ටික් Outdoor වලට ගෙනයාමක් වගෙයි.



තවත් විශේෂත්වයක් තමයි මෙම ක්‍රීඩාවේ යෙදෙන අය ආරක්ෂිත පාවහන් සහ පලදනා බොහෝවිට භාවිතා නොකිරීම. ඒවගේමයි ඉතා ඉක්මනින් තමන් ඉදිරියේ ඇති බාධකය හදුනාගෙන ඒ ගැන තීරණයකට පැමිණීම. ඒවගේමයි තමන්ට හොද නම්‍යශීලී ශරීරයක් තිබීම.මේ කලාව ලොවට හදුන්වාදීමේ පුරෝගාමින් වෙලා තියෙන්නේ David Belle ඇතුලු Belle පරම්පරාව. මේ කලාව දැන් වෙනම උපසංස්කෘතියක් තරමට යුරෝපයේ සහ අනෙකුත් බටහිර රටවල පැතිරිලා.



මටත් ඉතින් මේ වගේ දෙයක් දැක්කම ඇග කසන්න ගන්නවා. ආසාවේ බෑ. (කොහොමත් මම ගොඩක් කැමති පොලොවෙ පය ගහල කරන්න පුලුවන් සෙල්ලම් වලට) ලංකාවේදිනම් හොදට Exercise කරලා හිටපු නිසා දෙතුන් පාරක් ට්‍රයි කලා. හිතන තරම් ලේසි නෑ. තව පොඩ්ඩෙන් නහය කට ebay එකෙන් ගේන්න වෙනවා. හැබැයි හිත ඇත්නම් ඕනම කෙනෙකුට මේ කලාව ඉගෙනගන්න පුලුවන්. ට්‍රයි කරල බලන්න.




























මේවත් බලන්න.

4 comments:

  1. ඇත්ත නියම සෙල්ලමක් මෙක එත් බයයි බන් අත පය කැඩිලා යයි කියලා හැබැයි පිටිපස්සෙන් තරහකාරයෙක් වත් මරන්න පන්නනවානම් සලකලා බලන්න පුලුවන්

    ReplyDelete
  2. මගේ අම්මෝ . . . මේවා . . කරන්න. . . මේ තියෙන ඇඟ හොල්ලන්නේ බොහෝම කම්මැලි කමින් අවශ්‍යමතාවයකට . . . හික්ස්

    ඕවා කොහෙද . .. ?

    ReplyDelete
  3. ඔයගෙ ගෙදරින් ඈහ් වෙලා ලිපියට දාපු කමෙන්ට් එක මේක . .

    ඒක දකින එකක් නැතිවෙයි කියල හිතලා මේකේ දැම්මේ . . පස්සේ මකලා දාන්න . . .

    ටික කාලෙකට වත් පවුලේ අයව ගෙන්න ගන්න අදහස් කලේ නැද්ද . . . එහෙම අදහසක් ටියෙනවානම් කියන්න . . . මගේ හිතවතුන් ටිකක් ඉන්නවා ඔහේ . . . එයාලට කියල උදව්වක් අරන් දෙන්න එහෙම හැකි වේවි . . .

    ReplyDelete
  4. @ දුකා - උ‍ඹේ වචනත් මට ලොකු සැනසීමක්. මුලින් හිතන් හිටියේ ගෙන්න ගන්න තමයි. එත් මගේ අරමුණට යන එක තවත් දිග්ගැස්සෙනවා. මම ආස ලංකාවට... මුදල් හින්ද තමා මේ ඔක්කොම... කොහොම වුනත් මාව ධෛර්යමත් කරපු තවමත් මම තනිවෙලා නෑ කියල මට දැනෙන විදියට කොමෙන්ට් කරපු ඔයාලා හැමෝටම බොහොම ස්තූති.

    (මම උදව් උවමනා වුනොත් අනිවාර්යයෙන් කතාකරනවා)

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...