Thursday, August 20, 2009

Rainmeterරේ

හුගකාලෙකට කලින් මටත් තිබුණා ඩෙස්ක්ටොප් ගැජට් දාගෙන කාටවත් නැති ලස්සන ඩෙස්ක්ටොප් එකක් මගේ පරිගණකෙට දා ගන්න. ඒ දවස් වල කොයිතරම් මෘදුකාංග දාගත්තද.. එත් මේවයින් මගේ පරිගණකය මන්දගාමී වෙද්දී තමා මට තේරුම්ගියේ කරපු මෝඩ වැඩේ රගේ. අන්තිමට ඔක්කොම අත ඇරලා දාලා (Auto Patcher, Winblinds, Konfabulator - දැන් Yahoo Gadgets.. මෙකී නොකී සියල්ල අයින්කරලා කලුපාට ඩෙස්ක්ටොප් එකක් දාගත්තා. ස්ටාර්ට්අප් සුද්ධ කලා.

අපි කොහොම කිව්වත් හිත යටින් කැමති ලස්සන කරගන්න. තමන්ගේ පරිගණකය හොදම එක කරගන්න.

වින්ඩෝස් විස්ටා ආවයින් පස්සේ බොහෝම දෙනෙක්ට තිබ්බ මේ අමාරුව නිකන්ම හොදවුනා. මොකද විස්ටා වල බොහොම ලස්සන ගැජට්බාර් එකක් ආපු නිසා. ඒකෙනුත් සෑහෙන්න බැරි අය PC එක මැක් වගේ පෙන්නන්න Rocket Dock දාගත්තා. ( මෙකී නොකී දාහක් දේවල් තියෙනවා ස්ථාපනය කරන්න නම්)

මගේ පරිගණකයේ තියෙන්නෙත් විස්ටා. ඒත් මම Startup එක මට ඕන විදියට වෙනස්කරපු නිසාත්, 3GB RAM නිසාත්, සහ NOD32 වලට පින් සිද්ද වෙන්න විනාඩි 1න් පරිගණකය Start වෙලා ඉවරයි.

මේ ලගදී අන්තර්ජාලයේ සැරිසරද්දී හොයාගත්ත දෙයක් තමයි මේ Rainmeter.

Google Code Project එකක් විදියට සකස්කෙරුනු මේ මෘදුකාංගය මගින් පරිගණකයේ Desktop ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම User වෙතට භාරකරන බවයි.

මේ තිර පිටපත් දැක්කම මටත් ආසා හිතුනා මේක ස්ථාපනය කරගන්න.

























මේක ස්ථාපනය කල පසු Enigma යන Skin එක පෙන්වනවා. Skin කීපයක්ම ඔවුන් ලබාදෙනවා Rainmeter 1.0 වෙලුම සමග.
තවත් අලුත් දෙයක් තමයි Notepad ini ගොනුවන් තුල තමා සෑම ගැජට් එකකම (Skin) සෙටින්ග්ස් තියෙන්නේ. ඒවා වෙනස් කරන්න Coding වගේ බොහොම සිම්පල් විධාන වලින් කරන්න පුලුවන්. හැම ගොනුවක්ම දිග ඇරෙන්නේ Notepad එකේ. (සමහර අයට මේකනම් හරියන එකක් නෑ) තව ඉස්සරහට වැඩිදියණුකල ග්‍රැෆිකල් මුහුණතක් මේ අයිතම වෙනස් කරන්න ඔවුන් සකසාවි.

මේකට අවශ්‍ය අමතර Skins www.customize.org වලින් ලබාගත හැකියි.
මේ තියෙන්නේ මගේ පරිගණකයේ තිර පිටපතක්. මේ මෘදුකාංගය පරිගණකයේ සම්පත් අවම වශයෙන් යොදාගන්නා බවත් සිත්ගන්නා සුලුයි.

මේ මෘදුකාංගය අකුරු (Fonts) භාවිතයෙන් බොහොම සරල එහෙත් අලංකාර ඩෙස්ක්ටොප් එකක් ලබා දෙනවා. මේ ආකාරයේ මා භාවිතාකල පලමු මෘදුකාංගය මෙයයි.


මේකේ සිංහල යුනිකෝඩ් නම් තවම ටෙස්ට් කලේ නෑ. මේ තියෙන්නේ මගේ පරිගණකයේ තිරපිටපත්








මෙතනින් බාගන්න

(හැබැයි මේකත් Windows Startup එකට එකතු වෙනවා.)
~

5 comments:

  1. මම නම් වින්ඩෝස් 7RC ඒත් දාල බලන්නම් හැබැයි මම ඔය ඩෙස්ක්ටොප් සුකු‍ටුත්තං වලට නං වැඩිය කැමති නෑ

    ReplyDelete
  2. ඔන්න මමත් ගන්නවා මොකක් හරි උනොත් අල්ල ගන්නේ උබවම තමා :D

    ReplyDelete
  3. @ සහන්, දිසා - හික් හික් තවමනම් අවුලක් නෑ

    ReplyDelete
  4. මමත් ෙහාය ෙහාය හිටිෙය් රිෙසා්ස් අඩුෙවන් යුස් කරන ගැජට් එකක් මම හිතන්ෙන් ෙම්ක විස්ටා ස්ලයිඩ් බාර් එකට වැඩිය ෙහාඳ ෙවයි, දාල බලලම කියන්න්ම්

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...