Thursday, June 4, 2009

ඇස් දිහා බලන්න...


මේ කොංගෝ ජාතික තාත්තයි දරුවො දෙන්නයි සරණාගතයො විදියට කිබැටි සිට රටේ උතුරු දිසාවට සංක්‍රමණය වෙනවා. කොංගෝ රජයේ හමුදා සහ ත්‍රස්තවාදින් අතර ඇතිවුණු සටනෙන් පස්සේ මොවුන් අවතැන් වුණා. මේ වගේ දහස් ගණනක් උතුරට සංක්‍රමණය වුණා (2008/11/02).
අපේ රටෙත් මේ වගේ කී දහසක් පුදුමාතලන් සටන් බිමේ අසරණ වුනාද, ...

මේ තාත්තාගේ ඇස් දිහා බලන්න...
මට හිතා ගන්න බැහැ ඒ දුකද, වෛරයද, අසරණකමද, වෙන හැගීමක්ද කියල. තාත්තා කෙනෙක් වුනු මටනම් දැනෙන්නේ ඇයි මම මේ තරම් අසරණ කියන හැගීමයි. මේ පිංතූරය දකින හැම වෙලාවෙම මට ගෙදර මතක් වෙනවා.. ඒ ඇයිද දන්නේ නැහැ..

ජායාරූප අයිතිය (YASUYOSHI CHIBA/AFP/Getty Images)

1 comment:

  1. මේ වෛරය නොවේ. අසරණ කමයි. පැහැදිලිව තේරුම් ගන්න මිනිසත් බවේ නාමයෙන් බලන්න ඕන. ඔබ හරි.

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...