Friday, May 29, 2009

Sony Ericsson Satio


ඊයේ, ඒ කියන්නේ 2009 මැයි මස 28 වැනිදා දවස ගෙවෙනකන් මම හිටියේ නොඉවසිල්ලෙන්. ඒ මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න මගේ සිහින ජංගම දුරකථනයේ රිලීස් ඩේට් එක දැනුම් දෙන නිසා (MWC). කටකතා වලින් කිව්ව විදියටම සෝනි සමාගම ඊයේ ඒ නිවේදනය නිකුත් කලා. ලබන ඔක්තෝබරයේ ඉදන් වෙලදපලට Sony Ericsson Satio (Previously IDOU) නිකුත් කරන බවයි.


දැනට ජංගම දුරකථන නිපදවන්නන් අතර ලොකු යුද්ධයක් ඇතිවෙලා තියනව මේ සංවේදී තිර සහිත ජංගම දුරකථන වලට. දැනට වෙලදපල දිහා බලද්දී සෝනි සමාගම තරමක් පහලින් හිටියත් (විශේෂයෙන් අරාබිකරයේ නොකියා තමයි ඉල්ලුම වැඩි) මේ ජංගම දුරකථනයත් සමග ඔවුන් වෙලදපලේ වෙනසක් කරන්න සුදානම් වෙනබව පේනවා.


මේ දුරකථන‍යේ දැනට වෙලදපලේ තිබෙන සුපිරි දුරකථනවල තිබෙන සියලුම විශේෂාංග වලට අමතරව 12.1 මෙගා පික්සල් කැමරාවකුත් තියනව. මේ සමග තරග කරන නොකියා දුරකථනය තමයි N97.


ඒ කෙසේ වෙතත් මම මුලින්ම භාවිතා කලේ නොකියා 3315 දුරකථනයක් පස්සේ නොකියා 3230, ඊටත් පස්සේ සෝනි එරික්සන් W810i. ඒකෙන් තමා මට සෝනි වලට හිතගියේ. Xperia X1 ගන්න හිටියත් පස්සේ හිත වෙනස් කරලා Sony Ericsson Satio ගැන බලාපොරොත්තු තියන් හිටියා. ඒ බලාපොරොත්තුව ඉටුවෙන්න තව ටික කාලයයි.



මෙන්න සියල්ල සවිස්තරව
මෙතන ඔබන්න නැත්නම් මෙතන

4 comments:

  1. අපි නම් SE P1i තමා. :D

    ReplyDelete
  2. දැන් කීයක් විතර ඕකට කුඩු කරගන්නද ලෑස්තිය? :)

    ReplyDelete
  3. 80ක් හරි ඊට වඩා වැඩි...කු‍ඩේ කුඩු...

    ReplyDelete
  4. SE P1i මමත් ආසාවෙන් හිටපු මොබයිල් එකක්. ඒත් UIQ3 අවසන් කියල දැනගත්තම මම අදහස වෙනස් කලා

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...