Tuesday, June 23, 2009

මෙන්න නියම ගේම් එකක්...

ලිට්ල් වීල් පදනම් වෙලා තියෙන්නේ Puzzle Solving කියන ගේම් කාණ්ඩයට. මෙය Macromedia Flash යොදාගෙන තමයි නිර්මාණය කරල තියෙන්නේ.

මේ ලෝකයේ ඉන්නේ රොබෝවරු විතරයි. ඔවුන් සියලු දෙනාම බල ගන්වලා තියෙන්නේ එක විදුලිජනක යන්ත්‍රයකින්. දවසක් මේ විදුලිජනකය නවතිනවා. හැමදෙයක්ම නවතිනවා. අහඹු ලෙස අකුණු සැරයක් වැදිලා එක් රොබෝවෙක් පණ ලබනව. ඔබට තියෙන්නේ මේ රොබෝ හසුරවලා විදුලිජනකය පණගන්වන්නයි.

මේක එතරම් දිග පරිගණක ක්‍රීඩාවක් නෙවෙයි. එත් ද්විමාන ගැෆික්, නිර්මාණශීලීබව සහ කථාව ගලාගෙන යන ආකාරය බැලුවම මටනම් ලකුණු 10න් 8ක්ම දෙන්න පුලුවන්.
ඔයාලත් සෙල්ලම් කරලම බලන්නකෝ...


මේක හදල තියෙන්නේ
http://www.oneclickdog.com/


Little Wheel
Play This Game


මෙතනින් බාගන්න

1 comment:

  1. the world of goo ප්ලේ කරල තියනවද? ඒකත් මේ වගේම තමා. හැබැයි ෆ්ලෑෂ් නෙමේ.

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...