Thursday, June 11, 2009

මෙන්න අරාබිය... (ඔබගේ දැනගැනීම පිණිසයි)





රට තුල සියලුම දුරකථන ඇමතුම් මුදලින් නිදහස්ය.



පෙට්‍රොල් ලීටරයක් අනිවාර්යයෙන්ම වතුර ලීටරයකට වඩා අඩුය. නමුත් මල අපද්‍රවය සදහාද මාසික ගාස්තු ගෙවිය යුතුය.



ඕනෑම ඉදිකිරීමක් මසකින් අවසන් කල හැක. ප්‍රමාණය ප්‍රශ්ණයක් නොවේ.



සුදුසුකම් නැත්තෝ සුදුසුකම් ඇති අයට වඩා වේතනයක් ලබති.



බාහිර පෙනුම යම් දෙයක අන්තර්ගතය හා ක්‍රියාකාරිත්වයට වඩා අති වැදගත්ය.



කම්කරුවන්ට ඉපයීම් ඔවුන්ට තම රටේදී උපයන මුදලට වඩා අඩුය.



හේතු විරහිතව සේවකයින් ආයතනයකින් ඉවත්කල හැක.



නිර්දේශය(Recommandation) මුදලට වඩා ශක්තිමත්ය.



පිරිසිදුකරන්නන් හට උපරිම නිර්දේශ බලයක් ඇති අතර මුරකරුවන්ට ආයතනයේ හිමිකරුට වඩා අයිතියක් ඇත.(ලංකාවේ වගේමයි)



මෙහි කාලගුණය පැයක් ඇතුලත වැස්ස,දූවිලි කුණාටු, ඉහල ආර්ද්‍රතාවයක්, උණුසුම් කාලගුණය සහ ශීත කාලගුණයක් ලෙස වෙනස්විය හැක.



මුලුමහත් ආරබිකරයම කාන්තාරයක් වුවත් ඔබ බලන බලන අත කොල පැහැයෙන් දිලේ.



ඔබට අරාබියේදී මුදල් ඉපයිය නොහැකි නම් ඔබට ‍අන් කිසි රටක මුදල් ඉපයිය නොහැක.


මෙහි සතියක් ගතවීම ලංකාවේ දවසක් මෙනි. එක් සිකුරාදාවක සිට ‍අනෙක් සිකුරාදාව විදුලි වේගයෙන් එලඹේ.


මෙහි ඉන්නා හැම තනිකඩයෙකුගේම සිහිනය තම මව්රටේදී කසාදයක් කර ගැනීමත් එහි නිවසක් ඉදිකරගැනීමත්ය.



ඔබ ඔබේ බිරිදට,දෙමව්පියන්ට, ලමයින්ට සහ නෑදෑයන්ට ලංකාවේ සිටියාට වඩා 100 ගුණයකින් ආදරය කරයි.


අරාබියේ ඔබේ නවාතැනේ සිටීම ඔබේ කාර්යාලයේ සිටීමට වඩා වේදනා බරයි.



ඔබ ඔබේ රටේ සිටියාට වඩා ඔබේ ආගම ගැන සිත යොදවයි.



Ladies Beauty Salon හැම මීටර් 5න් පහට.



සියලුම කෑම සහ ග්‍රොසරි ද්‍රව්‍ය ඔබේ වාහනය ලගටම (අරාබි ඇදුමට විශේෂයි).


Starbucks අවන් හල් මීටර් 10න් දහයට.


Alcohol නැති Hardrock Café.


Shopping Mall සහ Hyper Market කිලොමීටර් 5ක් ඇතුලත.


වාහනක් මිලදී ගැනීමට වඩා රියදුරු බලපත් ගැනීම අති දුෂ්කරය.


මැක්කන්ට වඩා වැඩි ප්‍රමාණයක් අබලි වාහන ඇත.


ගෑනුන්ට පෝලිම් නැත.




ප.ලි.
ආරාබි ට්‍රැෆික් සිග්නල්.


කොල - ඇමරිකානුවන්ට යුරෝපීයන්ට සහ ලාංකිකයන්ට # යන්න # සලකුණ (Go Sign)
කහ - ඊජිප්තුවන්ට සහ පකිස්තානුවන්ට # යන්න # සලකුණ (Go Sign)
රතු - සියලුම අරාබීන්ට # යන්න # සලකුණ (Go Sign)

13 comments:

  1. ලයිසන් ගන්න ඒච්චර අමාරෑ මොකද අයියෙ ?

    ReplyDelete
  2. මේ ෆෝන් කෝල් නොමිලේ කිව්වෙ සවුදි වලද? ඩුබායි වලද? කටාර් වලද?

    යකෝ ගිහිං පදිංචි වෙන්න වටිනවනෙ !

    ReplyDelete
  3. ආස හිතෙන ලිපියක්..හැබැයි මේ රටවල ස්වදේශිකයින්ට වඩා ඉන්නෙ විදේශිකයින් නේද?

    ReplyDelete
  4. මරු ලිපියක්.

    ReplyDelete
  5. ඔව් මමත් අහලා තියෙනවා ලයිසන් ගන්න හරිම අමාරුයි කියලා...
    අපි අදුරන යාලුවෙක්ට ලයිසන් ගන්න දැනටමත් ලක්ෂයක් විතර වියදම් උනාලු, නීතී එහෙම හරිම තදයිලු... :) එයාට දැන් ලයිසන් ගැනිල්ල එපා වෙලා... ඉන්ටර්නැෂනල් ලයිසන් එක තිබුනයි කියලා වැඩක් උනෙත් නැහැයිලු... :)

    ReplyDelete
  6. ඉන්ටර්නැෂනල් ලයිසන් මෙහේ වලංගු නැත. මුලින්ම ඔබේ ඇස් පරීක්ෂා කල යුතුයි. ඉන්පසු රුපියල් ලක්ෂයකට වඩා මදක් අඩු මුදලක් ගෙවා ලර්නර්ස් එකක ලියා පදිංචි විය යුතුයි. දින 45ක් ඇතුලත විභාගයට පෙනී සිටිය යුතුයි. ( වාචික සහ ප්රා යෝගික -අරාබි පොලිස්කාරයෙක් සමග - වඩාත් අසීරුයි ) ප්රා්යෝගික කියා දෙන්නාට ජරාව දිය යුතුයි (අවමය රු 9000) විභාගය අසමත්නම් නැවත රු 3600 ගෙවිය යුතුයි.

    එකම හොද ඔබ සමත් නම් එවේලේම බලපත්රරය අතට ලැබීමයි.

    ReplyDelete
  7. නියම ලිපියක්. ‍‍ආසාවෙන් කියවන්න පුලුවන්

    ReplyDelete
  8. @ පොතේ ගුරා - ඇත්තම තමා. අරාබි ඇදුමෙන් ඉන්න සුදු ජාතිකයොත් යුරොපයෙන් සංක්රමමණය වෙච්ච අය. කලු ජාතිකයො තමා ඔරිජිනල් කට්ටිය

    ReplyDelete
  9. @ ප්රනවීන් ඉන්ද්රසනාම - මේ කටාර් වල.

    ReplyDelete
  10. @ සියලු දෙනාට - කොමෙන්ට් දැම්ම එකට ගොඩක් සතුටුයි.

    ReplyDelete
  11. පට්ට article එක !!!

    ReplyDelete
  12. වෑදගත් ලිපියක්.පෙට්‍රල් අඩු එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
  13. ජාතිය අනුව traffic signal වෙනස් වෙනවද?

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...