Thursday, July 9, 2009

ලංකාවේ සොදුරු මතක...


( ස්ථානය බලංගොඩ පසුකර - හරියටම මතක නැත )

මම ලංකාවේ රැකියාව කලේ පෞද්ගලික ආයතනයක Tech Support විදියට. ඒ රැකියාවට අනුකූලව මම රටේ ඕනම තැනක සේවයට බැදිලයි හිටියේ. ඉතින් බොහොමයක් දවස්වල සදුදාට ගෙදරින් එලියට බැස්සම ආයෙත් එන්නේ දවස් 3ත් 5ත් අතර තමයි. මුලදි පිස්සුවක් වගේ වුනාට පස්සේ පස්සේ මට අල්ලලා ගියා. (මගේ ගෙදර අයගෙන් තමා ගල් මුල් ආවේ) මම මේකටම වෙනම බෑග් එකක් ලැස්ති කරලා තිබුනා. ඒක All in One එකක්. කිසි දෙයක් නැතිව සතියක් ගෙදරින් පිට ඉන්න පුලුවන් ඒ බෑග් එක මා ලග නම්. (ඒක ගැන වෙන දවසක කියන්නම්)

මේ අපි ගියපු Continuous Office Trip එකක්. පටන් ගත්තේ කුරුණෑගලින්. දෙවනුව නුවර. තෙවනුව බදුල්ල - බණ්ඩාරවෙල හරහා කොලඹ. Troubleshooting Call එකක් ආවම අපේ Service Cordinator වැඩේ සෙට් කරලා දෙනවා.

‍හැබැයි මේක සෙල්ලමකුත් නෙමේ. මම කිලෝමිටර් කී දාහක් යන්න ඇද්ද ඔෆිස් වැඩවලට යාලුවොත් එක්ක. මේ අතර තුරේ මගේ වැඩේ ෆොටෝ ගන්න එක. (යාලුවොන්ට මඩ ගහන එක)

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙල පහුකරලා කොලඹට එද්දී බලංගොඩ නගරයට කලින් තැනක තමා මේ පිංතූරය ගත්තේ. කාලෙකට පස්සේ මගේ Image archives අවුස්සලා බලද්දී මේ ගැන ලියන්න හිතුනා. මේ කඩෙන් උදේ පොල් රොටී කාලා තේ එකක් බිව්වම ඇගට දැනෙන සනීපෙ මෙහෙ මොනවා ලැබුනත් වැඩක් නෑ. මටනම් මේ පිංතූරේ දැක්කත් ඇති දැන්. මෙහේ කොච්චර ගස් තිබ්බත් මේ වගේ ලස්සන කොල පාට නෑ.

මේක ගත්තේ Sony Ericsson W810i එකකින්.

5 comments:

  1. මමත් Tech Support තමා...... හැබැයි තවම ඔය වගේ ලස්සන පලාත් වල යන්න නම් ලැබුනේ නෑ........!!

    ReplyDelete
  2. ලස්සනයි එත් උඩින් පේන පයිනස් කැලේ දකිනකොට නම් දුකයි

    ReplyDelete
  3. @Uraj - තව ගොඩක් තැන්වල ගියා. පස්සේ දාන්නම්.

    @දිසා - සත්තකින්ම...

    ReplyDelete
  4. හරිම ලස්සනයි . . . ! ඔයා දැන් ඉන්නේ දෝහා නම් මට හිතා ගන්න පුලුවන් . . ලංකාවේ ගස්කොලං වලට කොපමන ආදරේ හිතෙනවාද කියලා. . . !

    ReplyDelete
  5. කියල වැඩක් නෑ.... දැන් 55c-57c

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...