Thursday, July 16, 2009

නිකං දෙනවනං ..........

මේ තියෙන්නේ මට ලගදී ආපු Malware, Spyware කේස් වලින් 2 ක්.

මේ මනුස්සයා නිකන් දෙන හැම දේම හොදයි කියල හිතන කෙනෙක් (මට හිතෙන්නේ මොකද එයා ලංකාවේ එක්කෙනෙක් නෙමේ).

පලවෙනි තිර සටහනේ තියෙන්නේ Internet Explorer Window එකක්. බැලූ බැල්මට හිතා ගන්නත් බෑ නේද. අන්තර්ජාලය හරහා අපි ඩවුන්ලෝඩ් කර ගන්න බොහොමයක් Free කියන මෘදුකාංග එක්ක මේ වගේ Tool Bar ස්ථාපනය වෙනවා. අපි දැනුවත්ව වගේම නොදැනුවත්ව. නමුත් අපි මෘදුකාංගයක් ස්ථාපනය කරද්දී ‍බොහෝ විට එමගින් අපිට අවස්ථාව දෙනවා මේ කරදරකාර Tool Bar ඉවත් කරන්න. නමුත් අපේ කට්ටිය කරන්නේ Yes > Next > I Accept > Next >Next.. තියරිය නේ... ඉතින් ඒ වගේ Option එකක් කොහේ අහුවෙන්නද...
අනික අපි වෙබ් පිටුවක සැරිසරද්දී මතුවෙන Popups අපට මේ වගේ Toolbar නොමිලයේම ලබා දෙනවා. ඒත් අපි කවදාවත් ඒවා පාවිච්චි කරන්නෙත් නෑ. ඒවා අයින් කරන්නෙත් නෑ.





මේ තියෙන්නේ දැනට මාස කීපයකට පෙර බොහොම දරුණු විදියට මේ රටේ බලපාපු Malware එකක්. මේකත් ඉන්ටර්නෙට් සැරිසරද්දී එන Popup මගින් ස්ථාපනය වෙන එකක්. මේකේ තියෙන අයිකන්, ලෝගෝ බැලුවහම මේක මයික්‍රොසොෆ්ට් වගේ සමාගමකින් නිකුත් කරපු එකක් වගේ තමයි පේන්නේ. ඒත් මේක තනිකරම බොරුවක් කරන්නේ. මේකේ කියන විදියට අපේ පරිගණකය වයිරස් ගුහාවක් කියල තමයි පෙන්නන්නේ... එමගින් ඒ මෘදුකාංගය මිලදී ගන්න කියල හගවනවා.

මේ Malware එකේ Variation 2ක් 3ක් ආවා. පස්සේ පස්සේ ආපු ඒවා බොහොම දරුණුයි. පරිගණකයට Login වෙන්නත් කලින් මුලු තිරය පුරාම මේ මෘදුකාංගය වැඩකරනවා.

මෙමගින් වෙන බලපෑම මෙම මෘදුකාංගයේ මුල් අදියර වලදී නම් Uninstall, Regedit, Task Manager මගින් ඉවත් කරන්න පුලුවන් වුනා. පසුව ආපු ඒවා බොහොම දරුණුයි. System Recovery, Factory Default දක්වා යන්නත් වුනා. Live CD තියෙන නිසා දත්ත වලට ප්‍රශ්ණයක් වුනේ නැති තරම්.

(Screenshot acquired by Google search)

6 comments:

  1. අර තියෙන්නේ ටුල්බාර් සෙට් එකක් නේද පිස්සු හැදෙන සද

    ReplyDelete
  2. ලිනක්ස් වලට පින් සිද්ද වෙන්න අපිටනම් ව්යිරස් අටමගුල් නෑ.
    ඒක හිතට ලොකූ සහනයක්.
    සමහරවිට කට්ටිය එකග වෙන 1ක් නෑ.
    ඒත් ඇත්ත ඒක තමා...
    නිකම් ඉන්න 1 ලිනක්ස් වලට මාරු වෙලා බලන්න.
    මම කියන්නේ ඇත්ත කියලා තේරේවි.

    ජය වේවා...

    ReplyDelete
  3. අම්මියෝ, අර ටූල් බාර් එකක්ද? මම හිතුවේ ලොකු ලොකු වැඩ කරන්න පුලුවන් වැඩසටහනක් කියලා

    ReplyDelete
  4. බුදු අම්මෝ.. ටූල් බාර් කීයක්ද අප්පේ?
    මම නං ඔය ටූල් බාර් එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ..

    ReplyDelete
  5. හෆොයි...
    මිනිහා කොහොමද දන්නෑ වැඩ කලේ ඔය Tool Bars ටිකත් එක්ක.
    මටත් හිතුනා ඒවගේ Tool Bars add කරන්න.වැඩක් කරගන්න බෑ වගේද ලස්සන....හිහ් හිහ්

    ReplyDelete
  6. thawa tools bar daganna oya madine

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...