Saturday, May 23, 2009

ඇත්තයි හැබැයි තිත්තයි...



අද මම කල්පනා කලේ පරිගණකයක් භාවිතයේදි අපි කරන වැරදි වැඩ ටිකක් ගැන කියන්න.



පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වුනාට අනික් බඩු වගේ නොවෙයි. සාපේක්ෂව හුගක් සංවේදීයි. සමහරු හිතන්නේ මේක ටෙලිවිෂන් එකක් වගේ කියලයි. එබුවා ඔන් කලා එබුවා නිවල දැම්මා. (දැන් හාඩ් ඩිස්ක් හොද නිසා ලොකු දෙයක් වෙන්නේ නෑ ලේසියෙන්.) හැබැයි නරකක් වෙන්න ඉඩ වැඩියි.


පරිගණකයක් නිවා දමනව කියන්නේ ෂට්ඩවුන් කරන එකම නොවෙයි. එයට සම්බන්ධ සියලුම විදුලි සම්බන්දතා ජාල සම්බන්දතා ඉවත් කල යුතුයි. සමහරු ෂට්ඩවුන් කරල යූපීඑස් එක නිවල හිතනව ඔක්කොම හරි කියල. අදාල පරිගණකයේ ප්‍රධාන කෙවෙනියෙන් ගලවනකන් පරිගණකය ආරක්ෂිත නැහැ විදුලි සැර වලින්. ඒ වගේමයි ජාල කේබලය සහ ස්විචය. ලැප්ටොප් එකක් නම් ඔබ එහි අන්තර්ගතයට පිවිසෙනවනම් ලැප්ටොප් බැටරිය ගලවන්න අමතක කරන්න එපා.


පරිගණකයේ තියෙන වීඩියෝ කේබල් එක (මොනිටරයෙන් එන) පීඑස් 2 මවුස් සහ කීබොඩ් කේබල් පරිගණකය වැඩකරද්දී ගලවන එකනම් හොද වැඩක් නෙමෙයි. අලුතින් මව්පුවරුව දාන්නත් නොවෙන එකක් නෑ.


මවුස් එක ක්ලික් කරද්දී අපට වරක්,දෙවරක්, තෙවරක් රයිට් ක්ලික් හෝ ස්ක්‍රොල්, කීබොඩ් නම් අදාල කී (යතුරු) සමාන්‍ය වේගයකින් තදකරාම හොදටම ඇති. අවශ්‍යනම් සෙටින්ග් වෙනස් කරගන්නත් පුලුවන් කන්ට්‍රොල් පැනල් එකෙන්. එත් සමහරු කී තදකරන්නේ එයාලගෙන් තරහ පිරිමහන්න වගේ (විශේෂයෙන් එන්ටර් කී එක - පව්) පරිගණකයට ඔබේ ආවේග සහ සිතිවිලි තවමත් තේරුම් ගන්න බෑ. ඒ හින්දා සාමාන්‍ය විදියට කී එබුවානම් හොදටම ඇති.

පරිගණකය හැම වෙලේම ආරක්ෂා කරන්න. දූවිලි වලින්, තෙතමනයෙන්, දැඩි අව්වෙන් සහ නොයෙකුත් පරිගණක මෘදුකාංග වලින්. මම ලග තියෙන කම්පියුටර් එක දැනට තියන හොදම එක කියන අයගේ පරිගණකය ලගට ගිහින් බැලුවොත් කුණු ගොඩක් ඔබට පෙනේවි. බාහිර පෙනුම වැදගත් නෑ කිව්වට ඒක හරියට නැත්නම් අභ්‍යන්තරය ගැන කුමන කතාද. ඔබ පරිගණකයට සැලකුවොත් එහි ජීවිත කාලය වැඩිවෙන්න ඒක බලපානවා නිසැකයි.



සමහරු ලෝකයේ තියන හැම මෘදුකාංගයක්ම තමන්ගේ පරිගණකයේ පටෝගෙන. වැඩක් ගන්නෙත් නෑ. ඒ වගේමයි සමහරු එන එන හැම එකම ස්ථාපනය කරගෙන අන්තිමට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියල වයිරස් අයින් කරන්න උත්සාහ කරනව මම අනන්තවත් දැකල තියනව. ඒ ඇයි කියල මට තාම හිතා ගන්න බෑ (කමක් නෑ Support එකට ඉන්න අපි‍ටත් අලුත් අභියෝග එන තරමට හොදයි ඉගෙනගන්න)


ඉතින් මෙන්න මේ වගේ එකී නොකී දේවල් ගොඩක් තියනව. තව ඉස්සරහට තවත් ලියන්නම්කෝ....

No comments:

Post a Comment

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...