Saturday, January 30, 2010

ලිකර් චොකලට් සහ අනංමනං

ඕන් ආයෙත් කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවා. පහුගිය දවස් ටිකේ ඡන්ද හරඹ බල බල හිටියා මිසක් බ්ලොග් සටහනක් ලියන්නවත් බැරි වුනා. කොහොම හරි මේ වාරේ මගේ ඡන්දෙ දාන්නත් බැරි වුණා.

පහුගිය දවස්වල සිද්ධ වුනු හොදම දෙයක් තමයි ලිකර් චොකලට් කෑම. අහම්බෙන් සෙට් වුනු යාලුවෙක් දුන්න මේ චොකලට් එක මොකක්ද කියල කිව්වෙ නෑ. මමත් ඔහේ කටේ දාගත්තා එක පෙත්තක්. කටේ ඒක දියවෙද්දී තමා රහස එලි වුනේ. මැද්දේ සීනි වලින් වටවුනු Cognac ! ! ! (මට අපේ කන බොන සෙට් එක සිහිවුනා..!) මගේ කට මොකක්ද වුනා වගේ ඒත් පැණිරස චොකලට් නිසා අමුතුම රසයක් දැනුනා. ඒක එපා වෙන එකක් නෙමෙයි. නොබොන අයටයි මුස්ලිම් අයටයි දීලා පොඩි ජොලියක් ගත්තා. හැබැයි ඉතින් පදමකට එන්න නම් මෙයින් චොකලට් පැකට් 2ක් වත් කන්න වෙයි. කවදාවත් මේ ජාතියෙ චොකලට් පෙත්තක් ලොකු වැඩිවගේ නිසා දෙකට කඩන්න නම් යන්න එපා. හරිම අපරාධයක් වෙන්නෙ. මෙන්න මෙතන ඒවා හදන හැටිත් තියෙනවා.


පහුගිය දවස්වල පැවැත්වුනු Qatar Rally එකේ පිංතූර තමයි මේ. ලොකුවට දැම්මට මටත් මේ ඉවෙන්ට් එක හැබහින් බලන්න යන්න බැරි වුනා.





.......................................................................................................

Windows 7 OEM කොපියක් ලැබුණා. තවම ස්ථාපනය කලේ නැහැ. බලමු ඒකත් දාලා...


........................................................................................................
සීතල නම් උපරිමයි ඒවගේමයි හුලගත්. හවස්කාලෙට එලියට බහිනව බොරු. තොල් පිපිරිලා, හම වේලිලා, සෙම ඇවිස්සිලා ලෙඩ ගොඩයි. හැමදාමත් රස්නෙම තියෙනවනම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට...


~

10 comments:

  1. අනේ බං, මුල් දවස්වල මට සිරාම දේවල් වෙලා තියෙනවා ඔය ලිකර් චොක්ලට් නිසා.. මට පැකට් එකේ ගහලා තියෙන එක තේරුම් ගන්න බෑනේ, භාෂාවේ අවුල නිසා.. වෙච්ච දේවල් මේකේ ලියන්න බෑ..

    උඹ මේකේ ඒ ගැන ලියපු එක හොදයි..

    ReplyDelete
  2. @Pissa::
    මේකෙ ලියන්න එපා. වෙනම කතන්දරයක් ලියන්න පිස්සු බ්ලොග් එකේ.

    කතන්දරකාරයා

    ReplyDelete
  3. ආ..චොක්ලට් නම් මොනා වුනත් මොකො ;-)

    ReplyDelete
  4. අපි නොර්වේ ඉන්නකොට අපේ සෙට් එකටත් ඔය ජාතියෙන් ගෙනල්ල දුන්නා.
    පට්ට වෙජි එකෙක් ගිල්ලනේ එකක් බුග් ගාලා.
    මෑන්ස්ට අප්සෙට් ගියා පස්සේ...

    /බිඟුවා...!

    ReplyDelete
  5. @ .::පිස්සා::. - ඒක ගැන ලියන්න අපටත් දැනගන්න...

    @ කතන්දර කාරයා - අනිවා.... ඒකනෙ පිස්සු බ්ලොග් එකක් තියෙන්නෙ

    ReplyDelete
  6. @ LG - මමත් ඔන්න ඔහොම හිතල තමා කෑවෙ.

    @ බිඟුවා...! - ඔව් අපිත් වැරදි වැඩක් කලේ... ඒත් බමුණො වගේ බුම්මන් ඉන්නවට වඩා ඒක හොදයි බිගු....

    ReplyDelete
  7. රසය විඳ බැලිය යුතු෴

    ReplyDelete
  8. ඔය ජාතියේ චොකලට් කාලා බලන්න මාත් ආසවෙන් ඉන්නේ ඒත් තාම නම් කන්න හම්බ වෙලා නැහැ. මෙහෙ රිට්ස්බරි එකෙන් ඔහොම එකක් හදලා කියලා අහලා තිබ්බ ඒත් දැකලා නම් නැහැ.

    හැබැයි ඉතින් මට නම් බාගයක් ගහනවා ලාබ වෙයි වෙරි වෙන්න ඕවා කනවට වඩා.

    ReplyDelete
  9. @ shaakunthala.com - අනිවා.

    @ ම - මේක ලංකාවේ Duty free එකෙන්නම් ගන්න පුලුවන් හැබැයි ගාණ දැක්කම හිතෙන්නේ බාගයක් ගහන එක කොච්චර ලාබද කියලා. හික්..

    ReplyDelete
  10. ඇයි මරණෙ Kandos එකේ ලිකර් චොක්ලට් තියනවනෙ. ඔය පහුගිය ටිකේ ඇඩ් හිටන් දැම්මෙ පත්තරවල (උපාලි සමූහ ව්‍යාපාරයේ වැඩක්නෙ ) චොක්ලට් නිසා ඒව පත්තරෙත් දැම්මා:-D

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...