Friday, January 8, 2010

ගෙදරින් පිට තවත් අවුරුද්දක් ඇරඹිලා...

පහුගිය දවස්වල තිබුණු වැඩ සහ ලෙඩ කන්දරාව නිසා බ්ලොග් සටහනක් දාන්නත් බැරිවුනා. ඒත් හැම වෙලෙම SBU එකනම් කියෙව්වා. කොමෙන්ට්ස් දැම්මා.


පහුගිය අවුරුද්දෙ ජනවාරි පලවෙනිදාට වඩා මේ අවුරුද්දෙ පලවෙනිදා සෑහෙන්න වෙනස්. මොකද අපිත් එක්ක හිටපු යාලුවො ගොඩදෙනෙක් ආයෙත් ගිහින් ලංකාවට. ඒ අතරෙ මේ කාන්‍තාරෙ මේ දවස්වල හරිම සීතලයි. අලි මදිවට කොටි වගේ මට අවුරුද්දකට පස්සේ උණ හෙම්බිරිස්සාව හැදුනා. දන්නවනේ කියල වැඩක් නෑ. හොදම වැඩේ මම දැන් ඉන්න නවාතැනේ එකම ලාංකිකයෙක් වත් නැහැ. උණ විකාරෙන් බොහොම අමාරුවෙන් ගිහින් බේත් ටිකක් ගත්තා. දැන්නම් සෑහෙන්න හොදයි.
  
ඉතින් හැම අලුත් අවුරුද්දකදි වගේම 2010ත් බලාපොරොත්තු ගොඩගැහිලා. හැම දේටම වඩා වැදගත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන ලගදීම ලියන්නම්...!



9 comments:

  1. කවුරැත් නැහැ කියලා දුක් වෙන්න ඒපා ....
    ඉක්මනට සුවය පතමි!!!!!!!!!!!!!

    ReplyDelete
  2. තනියම ඉන්නකොට ලෙඩ වුනාම නම් කියලා වැඩක් නෑ.. හපොයි!!!
    බේත් බීලා, හොද වෙලාම අර කියපු බලාපොරොත්තු ගැනත් ලියහංකෝ!!!!

    ReplyDelete
  3. @ වැප් - ස්තූතියි මචං

    @ පිස්සා - අනේ කාටවත් මෙහෙමනම් වෙන්න එපා කියල තමයි හිතෙන්නේ. ලියන්නම්, ස්තූතියි

    ReplyDelete
  4. ඉතින් ලඟකදි එන්නේ නැද්ද ලංකාවට?

    හපොයි ඔය අසනීප ගැන නම මතක් කරන්නවත් එපා තනියම පිට රටක ඉන්නකොට.



    /බිඟුවා...!

    ReplyDelete
  5. බිගුවා හරියටම හිතුවා! ලගදීම එන්න බලාපොරොත්තුවක් තියෙනවා

    ReplyDelete
  6. ha ha... Siyalu balaporoththu alasinma etu wewa....... Welikathara ta Maha wessak da? neththam weilkatharata diya bindak da... Wish u all th best

    ReplyDelete
  7. @ Wath - පහුගිය සතියෙනම් වැස්සා පැලෙන්න හිහ් හිහ්..

    ReplyDelete
  8. පිටරටදී අසනීප උනාම මාර හිතට දුකයි නේද . . . මොනා කරන්නද බං . . මටත් මේ දවස්වල අම්බානකට අසනීපයි . . ඒත් කිසි අසනීපයක් නෑ කියලා හිතාගෙන උදේම නානවා රෑ නිදා ගන්න යනකම් හිතේ ෆිට් එකෙන් දුවනවා . . .

    ReplyDelete
  9. ඒකනම් ඇත්ත, හිතේ ෆිට් එක විතරයි. මම නං පුලුවන් තරම් ඉන්ටර්නෙට් එකේම එල්ලිලා හිටියා. ඒකත් ලේසි නැහැ. ඇස්දෙකත් දනවා. පරිස්සම් වෙයන් නාන්න එපා හැමදාම ;-)

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...