Monday, October 26, 2009

කාලෙකට පස්සේ...

පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ කන්දරාවටත් වඩා හිතට නිදහසක් නොතිබුනු නිසා මොනවත් ලියන්න හිත් දුන්නේ නෑ... හැබැයි සිංහල ‍බ්ලොග් කියවනය නම් මග හැරියෙ නෑ. දවස් ගතවෙන්නේ හරියට සුලග හමනව වගේ...

මං මේ රටට ඇවිත් අවුරුද්දයි මාස තුනකට පස්සේ මගේ නවාතැන වෙනස් වුනා. ගිය සතියේ. දැන් ඉන්නේ දෝහා වලින් කිලෝමීටර් 60ක් විතර දුරින්. Al Khor, Al Hwar නම් වලින් හදුන්වන මුහුදුබඩ නගරයක. මේ නගරයෙන් භාගයක් පමණ තවමත් ඉදිවෙමින් පවතින්නේ. නගර මධ්‍යය නම් බොහෝම අලංකාරයි. මම මීට පෙර වතාවන් දෙක තුනකදී මේ නගරය පහුකරල ගිහින් තියෙනව.




රතුකරල තියෙන්නේ වැඩකරන තැන

මෙහෙ වැඩකරන තැන කැඩෙට් පාසලක්. අලුත් අත්දැකීමක්. ලොකුම වෙනසකට තියෙන්නේ මගේ නවාතැනේ ඉන්න එකම ලාංකිකයා මං වීමයි. ඉතින් කලින් වගේ උයාගෙන කෑම්, සතුටු සාමීචි නැහැ. සියල්ලන්ම තම තමන්ගේ කාමර වල.

තවම මට මේ නගරයේ හරියට ඇවිදින්න බැරි වුනා.
ලගදීම වැඩිවිස්තර එක්ක පිංතූර දාන්නම්.

මේ දවස්වල හවසට කාන්තාරෙට හිනී වැහි සුලගක් එනව... (වීශේෂයෙන් මුහුදුබඩ නිසා වෙන්න ඇති) ඒ වෙලාවට හිතේ අමුතුම පාලුවක් තියෙනව.

තනිනොතනියට ස්කයිප් තියෙන නිසාත්, මගේ බ්ලොග් මිතුරන් ඉන්න නිසාත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තියෙන නිසාත්, හිතට දුකක් නැහැ.

ආයෙත් හමුවෙමු.

~~~

8 comments:

  1. මීට අවුරුදු 4කට කලින් දෝහා කටාර් වල උන්නු හැටි මතක් උනා.හැබැයි ඒ දවස් 6කට විතරයි.....අප්පච්චිගේ අතේ එල්ලීගෙන නගරයේ තැන් කීපයකට ගියා මතකයි.

    රට පුන්චි උනාට හරිම ලස්සනයි...පිළිවෙලයි...

    මම ඇවිද්ද තැනවලින් මගේ මතකයේ තියෙන තැන් කීපයක් තියෙනවා.

    මතක හැටියට......

    Hotel Sheraton
    Main Post office
    Aladdin's park
    Doha Zoo

    ඒ වගේම දෝහා පාලනය කරන කෙනාගේ palace එක පැත්තෙත් ගියා මතකයි....

    කොහොම නමුත් සුන්දර මතක රැදුන තැනක් තමා දෝහා කටාර් කියන්නේ

    ReplyDelete
  2. ඇත්තෙන්ම ඔබ දෝහා ඇවිත් තියෙන්නේ හොදම කාලයෙදී. මොකද 2006 Asian Games තිබුනු කාලේ තමා මේ රට හුගක් දියුනු වෙලා තියෙන්නේ.
    Zoo එක ඇරෙන්න අනිත් තැන් වලට ගිහින් තියෙනවා මමත් හැබැයි Aladdin’s Park එකනම් දැන් වහලා.

    ReplyDelete
  3. මට මගේ අප්පච්චී කිව්ව විදියට නම් දෝහා රට මේ වගේම දියුණු තත්වයෙන් තව අවුරුදු 350 ක් පාලනය කරන්න පුළුවන් වෙන්න මුදල් ලෝක බැ0කුවේ තැම්පත් කරලලු තියෙන්නේ.....

    ඒක ඇත්තක්ද බොරුවක්ද කියන්න තරම් ප්‍රබල සාක්ෂි මට නැති උනත්......ඒක බොරුවක් කියලා අහක දාන්නත් බෑ කියලා හිතෙනවා.....

    මොකද ලෝකේ හොදම ගෑස් නිධිය අයිති වෙන්නේ දෝහා රටටලු

    මම දෝහා යද්දි මගේ වයස අවුරුදු 15යි......ඒ වයසදිත් මට තේරුම් ගියා මේ ටරනම් කවදවත් දුප්පත් වෙන එකක් නෑ කියලා

    ReplyDelete
  4. අවුරුදු 350 කතාව ගැනනම් දන්නේ නෑ. ලෝකේ හොදම ලොකුම ගෑස් නිධිය අයිති මේ රටට තමයි. ඩුබායි තරම් සංවර්ධනය වෙලා නැතත් ශක්තිමත් ආර්ථිකයක් මේ රටට තියෙනවා.

    හැබැයි දවසක ඔය ගෑස් ඉවරවෙනවා....

    ඒ කාලෙදී ඔයාගේ තාත්තා ලගට එන්න ඔයා වාසනාවත්තයි. මෙහේ ඉන්න හැමෝටම ඒ දේ ලැබෙන්නෙ නැහැ.

    ReplyDelete
  5. ස්තූතියි......අදහස් වලට...

    ඔයා දෝහා ගැන ලියද්දි ඒව කියවන්න මම ආසයි.සමහරවිට මම ඇවිත් තියෙන නිසා වෙන්න ඇති....


    මගේ අප්පච්චී යුධ හමුදාවේ හිටපු ප්‍රධාන නිළධාරියෙක්. එයත් එක්ක මම රටවල් 6ක විතර ඇවිදලා තියෙනවා.....


    ඇත්තටම අයියේ මම ඉපදිලා තියෙන්නෙත් ලOකාවේ නම් නෙමේ......ඉතාලියේ...

    මම ආසයි රට රට වල්වල ඇවිදින්න....

    මැදපෙරදිග රටවල් අතරින් අබුඩාබි රටට මම හුගාක් ආසයි. රට හුගාක් දියුනුයි........කාලගුණය කෙසේවෙතත්.....ඒ රටවල තියෙන නීති මාලවටනම් මම හුගාක් කැමතියි

    දිගටම ඔයාගේ ලිපි කියවන්නම්.....පහසු වෙලාවෙදි අපිට තොරතුරු ලියන්න

    ReplyDelete
  6. ස්තූතියි දිරිගැන්වීම් වලට... ඉඩ ලැබෙන වෙලාවට ලියන්නම්.

    ReplyDelete
  7. වැලිකතරේ, ඔබට පලුවක් දැනුනවෙලාවට ඔනදෙයක් ලියන්න. වැලිකතරේගේ තනියට අපි ඉන්නම් එවා කියවන්න.

    ReplyDelete
  8. ස්තූතියි උකුස්සා...

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...