Friday, November 13, 2009

Al Khor වල ආගිය තැන්...

ඔන්න ඇවිත් සති දෙකකට පස්සේ පොඩ්ඩක් එලියට පහලියට බැස්සා. සති අන්තෙට දවස් දෙකක්ම නිවාඩු නිසා හරිම කම්මැලි. එලියට බැස්සා කියලත් මොනව කරන්නද මේ කාන්තාරෙ. මේ රට පුංචි එකක් වුනත් එක එක පලාත් පාලනය කරන්නේ වෙන වෙනම කට්ටිය. ඔවුන් Sheikh කියල හදුන්වනවා. ඇත්තටම පාලනයක් කෙසේ වෙතත් මේ පලාතේ ඉඩම් වල අයිතිය තියෙන්නේ මේ පලාත අයිති Sheikh කෙනාට. මුලු රටේම ඉඩම් අයිතිය රජාට.


මේ තියෙන්නේ Al Khor වලට එද්දී තියන නගර සීමාවට ඇතුල් වීමේ කුලුනු.





නගරය තවමත් ගොඩනැගෙමින් තියෙන්නේ. මේ නගරය දෝහා නගරයත් රාස්ලෆාන් තෙල් සහ ගෑස් නිධි වැඩබිමත් අතර පිහිටීම නිසා වානිජ වශයෙන්නම් ඉතාමත් සරුසාරයි.




මේ තියෙන්නේ ප්‍රධාන වටරවුම.



මේ දවස් වල දවල්ට අව්ව සැර වුනත් හමන සුලගනම් සිසිලසයි. සීත කාලේ එනබව කියන පෙරමග ලකුණු තමයි ඒ.‍

මේ තියෙන්නේ  මුහුදු තීරය.


මේක වෙරල උද්‍යානයක් විදියට හැඩ ගස්වලයි තියෙන්නේ.
ලංකාවේනම් කොයිතරම් ලස්සනද මුහුදු වෙරල. කොයිතරම් ක්‍රියාශීලීයිද,  ඒත් මෙහේ හරිම කම්මැලි පෙනුමක් තියෙන මුහුදු වෙරලක් තමයි තියෙන්නේ.


මේ තියෙන්නේ ධිවර වරාය. සහ සම්ප්‍රධායික මුහුදු යන යාත්‍රාවන්.


කාලෙකට කලින් මෙහේ බලකොටුවක් තිබුනලු මේ තියෙන්නේ ඒක මතක් වෙන්න හදපු අනුරුවක්.

................................................................................................................................................................
මම ඉතින් මුහුදු වෙරල පැත්තට ගිහින් ආයෙත් ලොකු රවුමක් කැරකිලා නවාතැනටම ආවා.
දවස ගතවෙලා ගිහින්. දැන්නම් මෙහෙ හිටියා හොදටම ඇති වගේ...

~


4 comments:

  1. ඔහොම හිටියා ඇති කියලා හිතෙන වාර අනන්තයි. මොනවා කරන්නද ආව අරමුණ ඉෂ්ඨ කරගෙන යමු.

    ReplyDelete
  2. ubala asawenda ban oya ratawal wala inne ??

    danna kiyana M kadayak thinawa ne haha

    ReplyDelete
  3. මිනිහෙක් තමන්ගෙ පවුලෙන් වෙන්වෙලා ආසාවට එනවද බන් කාන්තාරෙකට, මේකත් සල්ලි වලට කරන්න පුලුවන් හපන්කමක් තමයි...

    ReplyDelete
  4. ඔන්න කාලෙකට පස්සෙ මාත් ආවා...අයියත් එක්ක දෝහා වටේ රවුමක් යන්න....

    තමන්ගෙ පවුලෙන් වෙන්වෙලා ඔයවගේ රටක තනියම ඉද්දී දකින්න ලැබෙන සුන්දර දේත් සුන්දර විදියට විදින්න ලැබෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. අයියා මගේ අදහසට එකගද මන්ද..


    කොහොම නමුත් දෝහ කියන්නේ මම ආස රටක් නිසා තොරොතුරු දැනගද්දි නම් මට සතුටුයි :)

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...