Wednesday, April 15, 2009

Image Burn


මම මෘදුකාංග ගැන බොහෝ දේ සොයමින් ආවා. එහෙම එද්දි මට වියදමක් නැතිව ලැබුණු තවත් සුවිශේෂී මෘදුකාංගයක් තමා Image Burner කියන්නෙ. අපි CD එකක් කොපි කරද්දී ඒ CD එකේ තියන හැම අංශුවක්ම හැම බිටුවක්ම කොපි කරගන්න පුලුවන් විදියක් තමයි CD image එකක් සේව් කර ගැනීම. 

දැනට භාවිතයේ තියන ඕනම CD Writing මෘදුකාංගයකින් CD image සේව් කරගන්න පුලුවන්. සම්මතය තමා ISO Format එක. ඒත් බොහෝ මෘදුකාංග උදව්කරන්නේ තමන්ගේමවූ Format එකකට (උදා
: NTI = .ncd , Nero = .nrg) 

ඉතින් මෙහෙම ‍සේවි වුණු එක ආයෙත් එකකට පිටපත් කරද්දී තමා ප්‍රශ්නක් වෙන්නේ. මොකද ඒ Image එක සේව් කරපු මෘදුකාංගය නැත්නම් ඒ ආයෙත් CD එකකට පිටපත් කරන්න වෙන්නේ නෑ. 
මේකට තියන හොදම විසදුම් වලින් එකක් තමා මේ IMG BURN මෘදුකාංගය.
මේ මගින් CD පිටපත් කිරීම, CD Image සෑදීම, නොයෙකුත් Format වල CD Image නැවත පිටපත් කිරීම, තැටි ධාවකයේ වේගය පිරික්සීම වගේ දහසකුත් එකක් වැඩ කරගන්න පුලුවන්.

කියවල වැඩක් නෑ බාගෙනම බලන්න මෙතන ඔබන්න 

 
 


No comments:

Post a Comment

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...