Wednesday, April 15, 2009

මකුණා


මේ ඉන්නේ මොකාද කියල කවුරු කවුරුත් හොදටම දන්න‍වනේ. මට මකුණා ගැන ලියන්න හිතුනේ කාලෙකට පස්සෙ මකුණෙක් දැක්ක නිසා. 

මේ සතාට English වලින් Bed Bug කියලයි කියන්නේ. නමින්ම හිතාගන්න පුලුවන්නේ මෙයාගෙ සෙල්ලම.. මතුපිටින් බැලුවම දුඹුරු පාටට හුරු රතු පැහැයක් තියන පැතැලි සියුම් අඩු තියන සතෙක් තමා මේ. බැලූ බැල්මට ගම්මිරිස් ඇටයක් තරම් වුනාට කට්ටියක් එකතුවුනාම වද කරන එක ලේසි නැහැ..


මට මතක් වෙනව අවුරුදු 10කට 15කට ඉස්සර අපේ අල්ලපු ගෙදරට මේ වසංගතයක් බෝ වෙලා එකෙන් බේරෙන්න සෑහෙන දුකක් වින්දා. අන්තිමේදි නොයෙකුත් බේත් කරල වැඩක් වුනේ නැති වුනහම උණු වතුරෙන් තමා ගැලවීමක් ලැබුණෙ.


මේ සත්වයා පරපෝෂිතයෙක්. දෙවන ලෝක යුද සමයේ ලෝකය පුරාම ව්යාරප්ත වුණූ මේ වසංගතය කාලයත් සමග අඩු වුණා. මේ සතා බෝ වෙන්න බොහෝ ඉවහල් වෙන්නේ තෙතමනය රැදෙන අදුරු අහුමුලු ඒ වගේම මිනිසුන් ගැවසෙන තැන්. වැඩි අවධානයක් නොදුන්‍‍නොත් දින කීපයකින් ලක්ෂ ගණනක් පැටවු බිහි කරලා මිහිමත අපායක් හදන එක ලොකු වැඩක් නෙමෙයි මෙයාට.


මේ තොරතුරු කෙසේ වෙතත් ඇමරිකාවට අලුත්ම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ මෙයාගෙන් Assosiated Press කියන විදියට. එහි අදුරු වීදී කොන්වල, කසිකබල් හෝටල් වල, පාසල් නේවාසිකාගාර වගේ තැන්වලින් මේ උවදුර දැන් නිව්යොක්, චිකාගෝ සහ වොෂින්ටන් නගරවල ව්යාප්තවෙලා කියලයි ආරංචි.


එහෙනම් පරිස්සමෙන් .... ඔබේ ඇදුමෙත් දැන් මකුණෙක් එල්ලිලා ඉන්නවා වෙන්න පුලුවන්.....


4 comments:

  1. 9H Walath Ennawa...


    Sachiya....

    ReplyDelete
  2. අපේ කාමරේට මකුනෝ බෝ වෙලා pest control කරන්න රියාල් බර ගානක් ගියා.පරිස්සමෙන් බෝ කරගන්න එහෙම එපා.

    ReplyDelete
  3. ඔව් මටත් ආරංචි බෝවුනොත් ලෙ‍ඩේ කියලා...

    ReplyDelete
  4. මේක වද කරන්න ක්‍රමයක් කියන්නකො මම සැහෙන්න පීඩා විදිනවා

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...