Friday, July 24, 2009
ගෙදරින් ඈත්වෙලා අවුරුද්දකුත් ගිහින්...
මම කටාර් වලට ගොඩබහින වෙලාවේ මට මගෙන් ම අහන්න හිතුනා උඹ දෙපාරක් හිතලද මේ තීරණේ ගත්තේ කියල. ඒ කොහොම වුනත් ඒ වෙලාවේ තිබුණේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ එකක්. මම තේරුම්ගත්තා මේක තමා මට ගන්න තියන හොදම තීරණය කියල. ඒ නිසා හැමෝගෙම ආශිර්වාද, කදුලු අතරේ මම ඔන්න ආවා.
මේ රටේ ගුවන්තොටුපොලේ Terminal නැහැ. ඉස්සර ලංකාවේ ගුවන්තොටුපොලේ වගේ බස් එකක යන්න ඕනා පර්යන්තයට ඇතුල් වෙන්න. ඉතින් අපි කටාර් වලට ගොඩබැස්සේ හවස 6.30ට වගේ. ඔන්න අපි ගුවන් යානයෙන් එලියට ආවා. හිතාගන්න අධි ශීතකරනක ඉදන් අවන් එකකට දැම්මා වගේ...
මා එක්ක තව තුන්දෙනෙක් ආවා. අපි ඇදුම් බෑග් අරන් මේ නාදුනන රටට අඩිය තියද්දී අපිව පිලිගන්න අප සේවය කරන්න ආපු ආයතනයේ දෙදෙනක් ඇවිත් හිටියා. ඔවුන් ඉන්දියානුවන්. ඔවුන් අපේ ගුවන්ගමන් බලපත්‍රය අතට ගන්න එක තමා මුලින්ම කලේ. ඉන් පස්සේ අපිව වාහනයක දාගෙන අපේ අලුත් නවාතැන්පොලට ආවා (Al Maamoura) මේ නම් මතක තියාගන්න හරිම අමාරු වුනා... හැබැයි සතියක් යනකම් විතරයි.
අපේ අලුත් නවාතැන අපි එන්න කලින් ඉදුල් කරල තිබ්බේ තව දෙදෙනෙක් විතරයි. ඔවුන් මේ රටේ හොද අත්දැකීම් තියන ලංකාවේ අය. අපිව නම් කරකවල අත ඇරිය වගේ. කරන්න ඕනේ මොනවද, කරන්නේ මොනවද කියලත් පැහැදිලි නෑ අපිට ඒ වෙලාවේ...
මුලින්ම කලේ ගෙදරට කෝල් කරන එක. මට ඒ මොහොත දැනුත් සිහියට එනවා. වයිෆ්ගේ කටහඩ එහා කොනෙන් ඇහෙද්දී මගේ ඇස්වලට කදුලු ඉනුව. ඒත් ඒ දුක ඒ මොහොතේ පිටකලේ නැහැ. එහෙම කලා නම් මට ආයෙත් යන්න වෙනවා.
පහුවෙනිදා සිකුරාදා නිවාඩු දිනයක් ඉතින් අපි මේ උෂ්ණ රටේ ජිවිතය පටන් ගත්තා....
ගෙදරට අන්තර්ජාලේ අරගත්ත නිසා හොදට ගියා. කොමියුනිකේෂන් ප්‍රශ්ණ සියල්ල ඒකෙන් විසදුනා. දවසින් දවස ගත වුනා. අන්තිමේදී සිකුරාදාවක ඉදන් තවත් සිකුරාදාවක් කියන්නේ හරිම පොඩි කාලයක් වුනා.
මගේ ජීවිතේ තුන්වෙනි දශකයත් ගතවුනා. අවුරුද්දක් ඉවර වුනා. එදා මා එක්ක ආපු යාලුවො 4 දෙනාම තවමත් ඉන්නව.
ඒත් මගේ සොදුරු දියණියත්, මගේ ආදරණිය බිරිදත් ලග නැති ජීවිතේ සල්ලි කොයිතරම් තිබුණත් වැඩක් නෑ
තව බොහොම ටික කාලයයි ගතකරන්න හිතන් ඉන්නේ මේ රටේ. කාලය ඉක්මනට ගතවෙලා යාවි....
Subscribe to:
Post Comments (Atom)
ප්‍රභාත්ඔබට සුභ පැතුම්..!
ReplyDeleteඉලක්කයට යන්න. වරදින්නේ නෑ.
ඔබේ 'සොඳුරු දියණිය' වාසනාවන්තයි.
ඔබේ පැතුම් සියල්ල සඵල වේවායි ප්‍රාර්ථනා කරමි. සුභ පැතුම්!
ReplyDelete"කාලය ඉක්මනට ගතවෙලා යාවි..."
ReplyDeleteඈත්ත මිත්‍රයා .අපිට නතර කරන්න බෑරිත් ඒ දේම තමයි.
කාලය ඉක්මනින් ගෙවිලා නැවත ලබැදියන් හා එක්වෙන්න හැකි වේවි ඉක්මනින්.
ReplyDeleteමචන් උබෙ සියලුම යහපත් පැතුම් ඉටුවේවා !
ReplyDeleteඅපි කැමති අයගෙන් ටික කලකට හරි වේන්වෙන්න වෙන එක නම් මහා දුකක් තමයි
හැම පැතුමක්ම ඉටුවී ආදරණීයන් ළගට ඉක්මනටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.. :)
ReplyDeleteතමන් කරනදේ සමාජයටත් තමන්ටත් යහපත් දෙයක් කරන්න.එතකොට කොහොමත් ඒ දේ සාර්ථක වෙනවා.මමත් සුභ පතනවා.
ReplyDeleteඔය පොඩි කාලය ඉවසගෙන ඉන්න අය්යේ.ඉක්මනට ගෙවිලා යාවි. අදහසක් තියනවා ඔය පැත්තට අඩිය තියන්න මටත්.....මේ දිනවල උත්සාහ කරනවා ඒකට....
ReplyDeleteමේ රටවල්වල සල්ලි කොච්චර හම්බකලත් අපේ ආදරණියන්ගෙන් අපිට ලැබෙන ආදරය අහිමි වෙන එක ගොඩක් හිතට දැනෙනවා.
ReplyDeleteසාමාන්‍ය විධියට ජීවත් වෙන්න කොච්චර උත්සහ කලත් ලංකාවට කතා කරන එක කෝල් එකකින් ඔක්කොම උත්සහයන් වතුරේ ගිහින් ආපහු ලංකාවට යන්න ඇත්නම් කියලා හිතෙනකොට....... ඒ හැඟීම.....
ඉක්මනින්ම ඔයාගේ ආදරණියන් එක්ක එකතුවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගණන් ගන්න එපා තව අවුරුද්දකින් ලංකාවට එන්න පුලුවන්නේ
ReplyDeleteඇත්තමයි ඔය දේමයි මටත් දැනුනේ. මෙහෙ ඉන්න කාලය තීරණය කරල ඉන්න. එතකොට ආර්ථිකය හදාගෙන අපේ අරමුණු වලට ඉක්මණින් යන්න පුළුවන්. ඔබට ජය.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@හැමෝටම - බොහොමත්ම ස්තූති මගේ හිත හැදුවට...ඔයාල මගේ හොද යාලුවො වගේ මට දැනෙනව. ස්තූති නැවතත්...
ReplyDeleteසමාවෙන්න මම මේක දැක්කේ ප්‍රමාද වෙලා . . . ටික කාලෙකට වත් පවුලේ අයව ගෙන්න ගන්න අදහස් කලේ නැද්ද . . . එහෙම අදහසක් ටියෙනවානම් කියන්න . . . මගේ හිතවතුන් ටිකක් ඉන්නවා ඔහේ . . . එයාලට කියල උදව්වක් අරන් දෙන්න එහෙම හැකි වේවි . . .
ReplyDelete@ දුකා - උඹේ වචනත් මට ලොකු සැනසීමක්. මුලින් හිතන් හිටියේ ගෙන්න ගන්න තමයි. එත් මගේ අරමුණට යන එක තවත් දිග්ගැස්සෙනවා. මම ආස ලංකාවට... මුදල් හින්ද තමා මේ ඔක්කොම... කොහොම වුනත් මාව ධෛර්යමත් කරපු තවමත් මම තනිවෙලා නෑ කියල මට දැනෙන විදියට කොමෙන්ට් කරපු ඔයාලා හැමෝටම බොහොම ස්තූති.
ReplyDelete(මම උදව් උවමනා වුනොත් අනිවාර්යයෙන් කතාකරනවා)
යාළුවා මමත් දැක්කෙ දැන්නේ,සමාවෙන්න.
ReplyDeleteජීවිතය ජය ගන්න නම් අනිවාර්යෙන්ම ජීවිතයට එන බාධක ජය ගන්න ඕන.
නොසැලී ඉදිරියටම යන්න් ඔබට ශක්තිය දෛර්ය ලැබේවා